News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
4

ඉන්දුනීසියාවේ මරපි ගිනි කන්ද පුපුරයි – 11ට දිවි අහිමි වෙයි

660 Views


ඉන්දුනීසියාවේ මරපි ගිනි කන්ද පුපුරයි – 11ට දිවි අහිමි වෙයි

ඉන්දුනීසියාවේ සුමාත්‍රා දුපතෙහි පිහිටා ඇති වඩා සක්‍රීය ගිනි කන්දක් වන මරපි කන්ද විදාරණය වී තිබෙනවා.

ගිනි කන්ද විදාරණය වන අවස්ථාවේ එම කන්ද තරණය කරමින් සිටි 11 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම තවත් පුදගලයන් 12 දෙනෙකු පමණ අතුරුදන් බව වාර්තා වනවා.

ඉන්දුනීසියානු මාධ්‍ය වාර්තා කරන්නේ ගිනිකන්ද විදාරණය වන අවස්ථාවේ එම ප්‍රදේශය අවට පුද්ගලයන් 75 දෙනෙකු සිට ඇති බවයි.

අද (04) උදෑසන තවත් සුළු පිපිරීමක් සිදුව ඇති අතර ගලවා ගැනීමේ මෙහෙයුම් ද නතර කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post