News Line| Off Air| Games
Generic placeholder image

Dec
6

රටවිරුවන්ට 8% ක පොලියට ණය

670 Views


රටවිරුවන්ට 8% ක පොලියට ණය

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග ශ්‍රී ලංකා මහ බැංකුව ඒකාබද්ධව බලපත්‍රලාභි වාණිජ බැංකු හරහා ක්‍රියාත්මක කරන මනුසවි විගමනික ශ්‍රමික බහුකාර්ය ණය යෝජනා ක්‍රමය ජනගත කිරිම කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ දී සිදුකර තිබෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති හිල්මි අසිස් හා ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන් එහි ප්‍රාදේශීය සංවර්ධන අධ්‍යක්ෂ සෙනරත් ධර්මවර්ධන යන මහත්වරු අදාල ණය යෝජනා ගිවිසුම් හුවමාරු කරගැනිම මෙහිදි සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරිම සදහා රු.බිලියන 5 ක මුදලක් වෙන්කර ඇති අතර කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ඇති විදේශගත ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයින් සඳහා මෙම ණය යෝජනා ක්‍රමය අදාළ වේ.

තනිවම හෝ ඒකාබද්ධ විදේශ මුදල් ගිණුමක් (PFCA) හෝ ඉතිරි කිරීමේ ගිණුමක් (RSA) වාණිජ බැංකුවල පවත්වාගෙන යායුතු අතර, විදේශ ප්‍රේෂණ අදාළ ගිණුම වෙත ප්‍රේෂණය කර තිබිය යුතුය.( අවම වශයෙන් පසුගිය මාස තුන තුළ)

මෙම ණය මුදල ලබාගත හැකි අවස්ථා වන්නේ ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කිරීම හෝ පුළුල් කිරීම, නිවසක් මිලට ගැනීම, ඉදිකිරීම හෝ පුළුල් කිරීම, ඉඩමක් හෝ වාහනයක් මිලට ගැනීම, දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා හෝ වෙනත් ඵලදායි කටයුත්තක් සඳහා වේ. ණය මුදලේ උපරිම සීමාව රු.මිලියන 2 ක් වේ.

ණයලාභියා ගෙන් අයකල හැකි උපරිම පොලී අනුපාතය 8% ක් වන අතර උපරිම මාස 36 ක් දක්වා ණය පියවීම සඳහා කාල රාමුවක් ලබා දේ.මේ සඳහා තනිවම හෝ ඒකාබද්ධව ණය අයදුම්පත් විදේශගත වීමට ප්‍රථම හෝ විදේශගතව සිටියදි අදාළ බැංකුව වෙත යොමුකල හැකිය.

අදාළ ණය අයදුම්කරු විසින් ඔහු ශ්‍රී ලංකාවේ නොමැති අවස්ථාවල ඔහු වෙනුවෙන් අදාළ ණය මුදල ලබා ගැනීම සඳහා ළඟම ඥාතියෙකු වෙත බලපත්‍රයක් මඟින් බලය පැවරිය හැකිය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරිම සදහා රු.බිලියන 5 ක මුදලක් වෙන්කර ඇති අතර, මේ සඳහා දායකවන පහතින් දක්වා ඇති බැංකු සඳහා 4% ක වාර්ෂික පොළි අනුපාත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව හරහා ප්‍රතිමූල්‍යයන පහසුකම් ලබා දේ.

· ලංකා බැංකුව

· මහජන බැංකුව

· කොමර්ෂල් බැංකුව

· හැටන් නැෂනල් බැංකුව

· සම්පත්බැංකුව

· සෙලාන්බැංකුව

· කාගිල්ස් බැංකුව

· DFCC බැංකුව

· ජාතික සංවර්ධන බැංකුව

· පෑන්ඒෂියා බැංකුව

· යූනියන්බැංකුව


News Articles
Latest Videos
Most Popular Post