News Line| Off Air
Generic placeholder image

Latest Posts
Dec
7

අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක වෙඩිතැබීමක් – 3ක් මරුට

1546 Views


අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක වෙඩිතැබීමක් – 3ක් මරුට

අමෙරිකාවේ නෙවාඩා විශ්වවිද්‍යාලයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ඉන් පුද්ගලයින් 3ක් ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

තවත් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල බවයි විදෙස් මධ්‍යයේ දැක්වෙන්නේ.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ද ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරය හමුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම සිදුවීමත් සමඟ නෙවාඩා විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post