News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
5

තෛපොංගල්වලින් පසුව රාජ්‍ය සේවකයන්ට සහන(VIDEO)

1371 Views


තෛපොංගල්වලින් පසුව රාජ්‍ය සේවකයන්ට සහන(VIDEO)

සියලු ජනතාවට ආර්ථික අපහසුතා තිබෙන බව තමන් හොදින් දන්නා බවත්, මෙවර තෛපොංගල් සැමරුමෙන් පසුව රාජ්‍ය සේවකයන්ට යම් ආර්ථික සහනයක් ලැබෙනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

රටේ ආර්ථිකය ස්ථාවර කිරීමත් සමඟ සියලු ජනතාවට ආර්ථික සහන ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළා.

එමෙන්ම පසුගිය වසරේ සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණය නිසා ගෙවීමට තිබු සියලු බිල්පත් මේ වන විට ගෙවා අවසන් කර ඇති බවත්, ඉදිරි කාර්තු හතර තුළ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සදහන් කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (04) පැවති යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්කයන්හි විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post