“පනාපත්ර කුහුඹුපැණියා” හෙවත් හෙළ සිනමාවේ අසහය රංග පෞරුෂය ලෙස හැඳින්වෙන ජැක්සන් ඇන්තනී මහතා නික්ම ගොස් තෙමසක් සපිරුණා.
ඒ වෙනුවෙන් ඔහුගේ ආදරණීය බිරිඳ ඇතුළු දරුවන් එක්වී ඔහුගේ තෙමස් පූර්ණ පිංකම පසුගියදා සිදු කෙරුණා.
ඒ සඳහාත් විශාල ජනකායක් සහභාගි වී තිබුණේ ඔහු නික්මී ගියද ප්රේක්ෂක ආදරය නොමඳවම ඔහු සමගින් රැදෙන බව පසක් කරමින්.
ඒ වගේම කලාකරුවන් බොහෝ පිරිසක් මේ සඳහා සහභාගී වී තිබුණා.