News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
31

යුද්ධයේ බිහිසුණු බව පෙන්වූ ලයාන්ගේ ඛේදවාචකය

854 Views


යුද්ධයේ බිහිසුණු බව පෙන්වූ ලයාන්ගේ ඛේදවාචකය

ගාසා නගරයේදී ඊශ්‍රායල ප්‍රහාරයකට ලක්ව මෝටර් රථයක සිරවී සිටියදී උපකාර ඉල්ලූ 15 හැවිරිදි පලස්තීන දැරියක් වන Layan Hamdeගේ (ලයාන් හම්දී ) හඩ පටයක් පලස්තීන Red Cresent සංගමය සමාජ මාධ්‍යට නිකුත් කර තිබෙනවා.

කෙසේ නමුත් පසුව ඇය මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එසේම ඇගේ පියා සහ සහෝදර සහෝදරියන් තිදෙනෙකුද එම ප්‍රහාරයෙන් මිය ගොස් ඇති අතර ඇගේ 6 හැවිරිදි නැගණිය වන හින්ද් හම්දි පමණක් දිවි ගලවා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඇයව බේරා ගැනීම සඳහා පලස්තීන Red Cresent කණ්ඩායමක් එම ස්ථානයට ගෙස් තිබෙනවා.

නමුත් එම සංගමය X හි සටහනක් තබමින් පවසා ඇත්තේ, දිවි ගලවාගත් 6 හැවිරිදි දැරිය සහ ඇයව බේරා ගැනීමට ගිය පිරිසගේ වර්තමාන තත්වය ඔවුන් සිටින ස්ථානය හෝ ඇයව බේරා ගැනීමට හැකි වූවාද යන්න නොදන්නා බවයි.


News Articles
Latest Videos
Most Popular Post