News Line| Off Air| Games
Generic placeholder image

Aug
6

මාධවී – කසුන් උතුම් මව් පිය පදවිය දරන්න සූදානමින්

520 Views


මාධවී – කසුන් උතුම් මව් පිය පදවිය දරන්න සූදානමින්

දක්ෂ රංගන ශිල්පිනියක් වගේම ගායිකාවක් ලෙස මාධවී වත්සලා ඇන්තනී හඳුන්වන්න පුළුවන්.

ඇයගේ සැමියා තමයි නිර්මාණ අධ්‍යක්ෂකවරයෙක් වන කසුන් මහේන්ද්‍ර කියන්නේ.‍

හැම අම්මා කෙනෙක්ම ඒ ලස්සන හීනය වෙනුවෙන් ගොඩක් පෙරුම් පුරනවා. ඇයත් ඒ වගේ මවක් වෙන්න ඇති.

මාධවී සහ කසුන් උතුම් මව්-පිය පදවිය දරන්න සූදානමින් ඉන්නවා.

ඉතින් ඒ දෙන්නා ඒ හීනමවපු දවස මතක් වෙන්න සටහනක් එක්ක ලස්සන ඡායාරූපගත කිරීමක් කරලා තිබුණා.

උපන්දින ආරංචිය 🥰

බෝනිකි සුරතල් කාලෙ ඉඳන් ඉස්සර
මල්වර නැකතින් අවසර ලත් දා සිට
දහසක් බාදා ආවත් නොගෙන කමකට,
පෙරුම්පුරාගෙන රැකගත්ත…
පිළිගත්ත…
කල් රැක්ක…
සුදුම හීනෙට අනේ පණ ඇවිත්…
මයෙ කුස පිණෙන් පිරුණා!
පත්තිනි අම්මගෙ පිහිටෙන් කිරිඅම්මලා කැන්දන්න,
දේව මෑණිගෙ අනුහසින් ජේසු බබා වගෙ තුරුලට ගන්න,
ඉඳිකටු තුඩින් කිරි සුවඳට පුංචි ගවුමක මල් අඳින්න,
හුස්ම ටික හරි පුදා රැකගන්න මටත් අවසර දී ඇවිත්!
කසුන් කුමරු වරමින්
“අප්පච්චි දෙවි” පිහිටෙන්
හෙට මව් රැජිනක් වී
ආදරේ පණ ගැහෙන සාක්කියට
ආඩම්බරෙන් දිවි දෙන්න…
සියළු දෙවියෝ රැකගනීවා!
සුවය සවි බල දිරි ගෙනේවා!
හිත් නිවී සතුටින් පිරේවා!
ආවඩා ආයුබෝ වේවා!!!

🧿❤️

එම සටහන හා ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post