News Line| Off Air
Generic placeholder image

Aug
9

බේස්බෝල් ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානය කිරීම

1310 Views


බේස්බෝල් ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානය කිරීම

කොළඹ ආනන්ද විද්‍යාලයෙන් බේස්බෝල් ක්‍රීඩාවට අවතීර්ණ වී දැනට ආසියානු බේස්බෝල් සංගමයේ නියෝජ්‍ය විනිසුරු අධ්‍යක්ෂක සහ ලෝක බේස්බෝල් සංගමයේ බේස්බෝල්5 තාක්ෂණික කමිටුවේ සාමාජික ලෙසත් කටයුතු කරන කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය සුජීව විජයනායකගේ බේස්බෝල් ක්‍රීඩා දිවියට වසර 25ක් පිරීම නිමිත්තෙන් සුජීව විසින් ජපානයේ සහයෝගීතාවයෙන් එක් රැස් කරන ලද බේස්බෝල් ක්‍රීඩා භාණ්ඩ (රබර් බේස්බෝල් 2400ක් සහ හාඩ් බැට් 241ක්) ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩා කරන පාසල් 45ක්, විශ්වවිද්‍යාල 13ක්, ත්‍රිවිධ හමුදාව ඇතුලුව ක්‍රීඩා සමාජ 22ක්, ත්‍රිවිධ හමුදාව සහ විශ්වවිද්‍යාල ඇතුලුව කාන්තා කණ්ඩායම් 15ක් ඇතුළු සියලුම කණ්ඩායම් 95ට ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානය කිරීමේ විශේෂ උත්සවයක් කොළඹ ආනන්ද විද්‍යාලයේදී පැවැත්විණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොශි හිදෙකි, JICA ආයතනයේ ශ්‍රී ලංකා ප්‍රධානී යමදා තෙත්සුයා, ආරක්ශක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුනරත්න, ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ශ, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කමිශන් සභාවේ ප්‍රධානි සම්පත් අමරතුංග ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි විය.


News Articles
Latest Videos
Most Popular Post