News Line| Off Air| Games
Generic placeholder image

Mar
25

කුඩා හා මධ්‍ය පරිමාණ ඇගලුම් නිෂ්පාදකයින්ගේ සංගමයේ වෙබ් අඩවිය මුදාහැරීම සාර්ථකව අවසන්

168 Views


කුඩා හා මධ්‍ය පරිමාණ ඇගලුම් නිෂ්පාදකයින්ගේ සංගමයේ වෙබ් අඩවිය මුදාහැරීම සාර්ථකව අවසන්

කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟළුම් නිෂ්පාදකයින්ගේ සංගමය (SMSGARMENT) විසින් සංවිධානය කරන ලද නිල වෙබ් අඩවිය www.smsgarment.com හඳුන්වාදීමේ උත්සවය 2025 මාර්තු 21 වැනි දින කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍යාංශ ප්‍රධාන ශාලාවේ දී උත්කර්ෂවත් ලෙස පවත්වනු ලැබීය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස කර්මාන්ත හා ව්‍යවසායකත්ව අමාත්‍යාංශයේ ලේකම්තුමිය වන තිලකා ජයසුන්දර සහභාගි වූ අතර, කර්මාන්තය හා සංගමය සඳහා වැදගත් තීරණ සහ උපදෙස් රැසක් ලබාදීම එහිදි සිදුවිය.

මෙම වෙබ් අඩවිය හරහා සංගමය විසින් සිය සාමාජිකයන්ට සහ කර්මාන්තයේ නියැලෙන සියලු දෙනාට නවතම තොරතුරු, කටයුතු සහ වෙළඳ අවස්ථා පිළිබඳව තොරතුරු, කර්මාන්තකරුවන්ට ඇති තාක්ෂණික සහ විවිධ ගැටලු, නීතිමය සහන, ආධාර මෙන්ම ජාත්‍යන්තර වෙළඳපොළ සඳහා පිවිසීමේ පහසුකම් ලබාදීමේ අවශ්‍යතාවය ඉටු කිරීමට කටයුතු කරනු ඇත.

කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟළුම් කර්මාන්තය තවත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම පියවර ගත් අතර, කර්මාන්තය ජාත්‍යන්තර තරඟකාරීත්වය ලබා ගැනීමට අවශ්‍ය පදනම වශයෙන් මෙම වෙබ් අඩවිය සැලකිය හැක.

මෙය කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟළුම් කර්මාන්තය සඳහා නව යුගයක් ආරම්භ කිරීමේ සංකේතය වන අතර, SMSGARMENT සංගමය මඟින් රටේ කර්මාන්තය උදෙසා මෙවැනි තවත් ව්‍යාපෘති ඉදිරියේදී දියත් කිරීමට සැලසුම් කර ඇත.


News Articles
Latest Videos
Most Popular Post