News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
16

ජාත්‍යන්තර පියවරුන්ගේ දිනය වෙනුවෙන් , නව පිය ගුණ උපහාර ගීතයක්.(VIDEO) 

645 Views


ජාත්‍යන්තර පියවරුන්ගේ දිනය වෙනුවෙන් , නව පිය ගුණ උපහාර ගීතයක්.(VIDEO) 

” මගෙ ආදර තාත්තා ” නමින් ප්‍රවීන සංගීතවේදී විජිත ජයරත්න , සිය කටුනායක , මාදුව නිවසෙහි දී 06/14 දින පස්වරුවේ  එළි දැක්වීම සිදු කෙරුණි .

            මෙම ගීතය ගායන මෙන්ම සංගීත අධ්‍යක්ෂණය ද විජිත ජයරත්න විසින් සිදු කර තිබූ අතර , මෙම ගීතයේ ගේය පද රචනය දිලුක් සංජය මහතා විසින් සිදු කර තිබුණි . මෙම ගීතයේ රූප රචනය සදහා ප්‍රවීන රංගධරයෙකු වන රිචඩ් මාන මුදළි විසින් සිය රංගන දායකත්වය ලබා දී තිබුණි .

            මෙහිදී අදහස් දැක්වූ ප්‍රවීන සංගීතඥ විජිත ජයරත්න , පියවරුන් වෙනුවෙන් මෙරට ගීත සාහිත්‍ය තුළ ඉතා අල්ප වශයෙන් බිහි වී තිබීම නිසා තමන් මෙම ගීතය ජාත්‍යන්තර පියවරුන්ගේ දිනයේ දී ඉදිරිපත් කිරීමට පියවර ගත් බව පැවසීය .

                 මෙම ගීතයේ ගේය පද රචක දිලුක් සංජය මහතා අදහස් දක්වමින් පියවරුන්ගේ සෙනෙහස , පිටතට පෙනෙනවා අඩුයි . එය විදහා දක්වමින් , තාත්තාගේ වටිනාකම ලොවට පෙන්වා දෙමින් , සමස්ථ ලෝකවාසී පියවරුන්ට උපහාර පිණිස මෙම ගීතය රචනා කළ බව පැවසීය .

              ගම්බද ප්‍රදේශයක වාසය කරන පුතෙකු , සිය පියාගේ යහ ගුණ අගය කරමින් හැදී වැඩී අවසානයේ තම ජීවිතය සාර්ථක කර ගන්නා අයුරු මෙම ගීතයෙන් ප්‍රකාශ වන අතර මෙම ගීතයේ රූප රචනා දර්ශන මිනුවන්ගොඩ ප්‍රදේශය මුල් කර ගෙන පටිගත කර තිබේ .

              මෙම අවස්ථාවට සංගීතවේදී විජිත ජයරත්නගේ ඥාතීන් විශාල පිරිසක් ද පැමිණ සහභාගී වී සිටියහ .

– කටුනායක ටී.කේ.ජී.කපිල


News Articles
Latest Videos
Most Popular Post