News Line| Off Air
Generic placeholder image

Jun
21

බටහිර වෛද්‍යවරු සොයාගත් අළුත් දියවැඩියාව.

610 Views


බටහිර වෛද්‍යවරු සොයාගත් අළුත් දියවැඩියාව.

රෝග පිළිබඳව කතා කරද්දි දියවැඩියාවට විශේෂ අවධානයක් යොමු වෙනවා. අපේ රටේ බොහෝ දෙනෙක් දියවැඩියා රෝගයෙන් පෙළෙනවා. තවත් බොහෝ දෙනෙක් දියවැඩියාව සෑදීමේ සම්භාවීතාවකින් යුක්ත වෙනවා. ඒ අතරට තරමක් දුර්ලභ ආකාරයේ නව දියවැඩියා තත්ත්වයක් ලොවට අනාවරණය කිරීමට බටහිර වෛද්‍යවරු සමත් වී සිටිනවා.

ජාත්‍යන්තර දියවැඩියා සම්මේලනයේ මෙම නව දියවැඩියා තත්ත්වය පස්වෙනි ගණයේ ( Type 5) දියවැඩියාව ලෙස නම් කර තිබෙනවා. මෙම පස්වෙනි ගණයේ දියවැඩියාව ස්වයං ප්‍රතිශක්ති ගැටළු හෝ ජීවන රටාව ආශ්‍රිත හේතු නිසා හෝ ඇතිවන්නක් නොවීම විශේෂත්වයකි. සාමාන්‍යයෙන් ප්‍රධාන දියවැඩියා තත්ත්ව පළමුවෙනි ගණයේ හා දෙවන ගණයේ දියවැඩියාව ගර්භණී දියවැඩියාව සහ ළදරු දියවැඩියාව ලෙස හැඳින්වේ. නමුත් පස්වෙනි ගණයේ ( Type 5) දියවැඩියාව තත්ත්වය වර්ධනය වන්නේ ළමා වියේදී ඇති වන මන්ද්පෝෂණය නිසා අග්න්‍යාශයේ වර්ධනය අඩාල වීම ආදී ප්‍රධාන හේතු සාධක නිසාවෙනි.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹීය හැකිය.


News Articles
Latest Videos
Most Popular Post