News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
22

ගුවනේදී ගිනි ගත් වායු බැලූනය.

738 Views


ගුවනේදී ගිනි ගත් වායු බැලූනය.

බ්‍රසීලයේ සැන්ටා කැටාරිනා ප්‍රාන්තයේ ප්‍රායියා ග්‍රැන්ඩේ නගරයේදී, මගීන් 21ක් රැගත් වායු බැලූනයක් ගුවනේදී ගිනිගෙන කඩා වැටී ඇත. මෙම අනතුරෙන් පුද්ගලයින් 8ක් ජීවිතක්ෂයට පත්ව, තවත් 13 දෙනෙක් තුවාල ලබා ඇත.

දැනට ලැබී ඇති වාර්තා වලට අනුව ගින්න ඇති වී ඇත්තේ බැලූනයේ බාස්කට් එකේ භාවිතා කළ බ්ලෝටෝච් උපකරණයකිනි. මේ සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ වී ඇති අතර, ප්‍රාදේශීය අධිකාරීන් හා බ්‍රසීල ජනාධිපතිවරයා මේ පිළිබඳව තම කණගාටුව පළ කර ඇත.

Source >> https://x.com/PopCrave/status/1936535988924494207?t=f3vlNKYJly9DQAOblJaXeA&s=19


News Articles
Latest Videos
Most Popular Post