මහනුවර ඓතිහාසික ඇහැලේපොළ වළව්වේ ඉටි රූප කෞතුකාගාරය ඊයේ (17) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අතින් විවෘත කෙරුණා. නාගරික සංවර්ධන අධිකාරියේ මග පෙන්වීම යටතේ ප්‍රතිසංස්කරණය වුණු ඇහැලේපොළ වළව්ව ශ්‍රී දළදා මාලිගාවට පවරා දීමෙන් පසු එහි ඇති පුරාවිද්‍යාත්මක සහ ඓතිහාසික වටිනාකම සැලකිල්ලට ගනිමින් මෙම කෞතුකාගාරය නිර්මාණය කොට තිබෙනවා.
ඇහැලේපොළ වලව්ව අයත් වන කන්ද උඩරට රාජධානියේ එවකට තිබූ ගෘහ නිර්මාණ ශිල්පය, චාරිත්‍ර වාරිත්‍ර සහ කලා ශිල්ප ආදිය මෙන්ම සිංහලයේ අවසන් රාජධානිය හා බැදුණු ප්‍රතාපවත් චරිත 36කගේ ජීවමාන ප්‍රමාණයේ අනු රූ ඉටි යොදාගනිමින් මෙහි නැවතත් ප්‍රතිනිර්මාණය කර තිබෙන අතර පාරම්පරික කර්මාන්ත පිළිබදව ප්‍රදර්ශන කුටි මෙන්ම ඉපැරණි භෝජනාගාරයක්ද මෙහි ඉදිකොට තිබෙනවා.
මෙය ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉටි රූප කෞතුකාරය ලෙසද හැඳින්විය හැකියි. ලාංකීය ප්‍රෞඪත්වය විදහා දැක්වෙන මෙම කෞතුකාගාරය මහනුවරට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට උඩරට රාජධානිය මෙන්ම ඒ හා බැඳුණු ඉතිහාසය නිවැරදිව අධ්‍යයනය කළ හැකි මධ්‍යස්ථානයක් බවටත් පත්වෙනු ඇත.









