News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
24

ෂාරුක් වෙනුවට ලංකාවට එන බොලිවුඩ් තාරකාව

1004 Views


ෂාරුක් වෙනුවට ලංකාවට එන බොලිවුඩ් තාරකාව

එළඹෙන අගෝස්තු 2 වනදා පැවැත්වීමට නියමිතව තිබු City of Dreams කැසිනෝ සංකීර්ණය සහ එහි අවසන් අදියර විවෘත කිරීමේ උත්සවය සඳහා සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ඔහුගේ පාදයේ ඇතිවූ ආබාධ තත්වයක් හේතුවෙන් සහභාගී නොවන බව කියැවෙන පුවතක් පසුගියදා City of Dreams ආයතනයේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා පළ කර තිබුණා.

ෂාරුක් වෙනුවට සුපිරි බොලිවුඩ් නළු රිතික් රෝෂන් එම විවෘත කිරීමේ උත්සවය සඳහා සහභාගී වන බව සඳහන් වන වීඩියෝ පටයක් අද (24) උදෑසන ඔවුන්ගේ නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ උඩුගත කර තිබුණා. මෙය ෂාරුක්ගේ රසිකයන්ට තරමක් දුක්මුසු පුවතක් වුවත් රිතික් ගේ ලාංකීය රසික රසිකාවියන්ට නම් මෙය වටිනා අවස්ථාවක් බවට නොඅනුමානයි. මෙවර විවෘත කිරීමේ උත්සවයට සුපිරි නළු ෂාරුක්ව සහභාගී කර ගැනීමට නොහැකි වූවත් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත වැඩසටහන් සඳහා නුදුරේදීම සුපිරි නළු ෂාරුක් ව ශ්‍රී ලංකාවට කැඳවාගෙන ඒමට ඔවුන් බලාපොරොත්තු වන බවයි තවදුරටත් එම ආයතනයේ ප්‍රකාශකයෙක් සඳහන් කර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post