News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
30

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අද සිට ඇරඹේ

1036 Views


මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අද සිට ඇරඹේ

මහනුවර ශ්‍රි දළදා මාළිගාවේ 1715 වන ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද(30) රාත්‍රි විදි සංචාරය කෙරේ.

අද(30) රාත්‍රියෙන් ඇරඹෙන 1715 වන මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය නැරඹීම සඳහා මහනුවරට පැමිණෙන සැදැවතුන් වෙනුවෙන් විශේෂ පහසුකම් සලසා දීමට සියළු කටයුතු සූදානම්. අද(30) සිට ලබන 9 වැනිදා දක්වා මෙම පහසුකම් ක්‍රියාත්මක වන අතර විශේෂ රථ වාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

පොලිස් හා ත්‍රිවිධ හමුදා ආරක්ෂාව යටතේ පළමු කුඹල් පෙරහැර අදින්(30) ඇරඹී අගෝස්තු 03 දක්වා වීදී සංචාරය කිරීමෙන් පසු අගෝස්තු 04 , ප්‍රථම රන්දෝලි පෙරහැර වීදී සංචාරය කිරීමට නියමිතයි.

අවසන් රන්දෝලි මහ පෙරහැර නිකිණි පුන් පොහොය දින (08) රාත්‍රියේ වීදි සංචාරය කිරීමට සැලසුම් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post