News Line| Off Air
Generic placeholder image

Aug
5

අවුරුදු 18ට අඩු දරුවන්ට ශ්‍රී ලංකාවේ සංස්කෘතික ස්ථාන නොමිලේ නැරඹීමට අවස්ථාව

483 Views


අවුරුදු 18ට අඩු දරුවන්ට ශ්‍රී ලංකාවේ සංස්කෘතික ස්ථාන නොමිලේ නැරඹීමට අවස්ථාව

වයස අවුරුදු 18ට අඩු දරුවන්ට මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් ව්‍යාපෘති නොමිලේ නැරඹීමට අවස්ථාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලය විසින් මෙම යෝජනාවට අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වෙනවා.

මෙම පියවර මූලික වශයෙන් දේශීය දරුවන් තුළ සංස්කෘතික උරුමයන් පිළිබඳ ඇගයීමක් ඇති කිරීම සහ ඔවුන්ගේ දැනුවත්භාවය වර්ධනය කිරීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ අනුව, සීගිරිය, යාපහුව, දඹුල්ල ඇතුළු මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථාන 26ක් සඳහා ළමයින්ට ප්‍රවේශ පත්‍ර නොමැතිව ඇතුළු වීමට අවස්ථාව හිමි වෙනවා.

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක සඳහන් කළේ, විදේශීය ළමුන් සඳහාද සීමිත කොන්දේසි යටතේ මෙම ස්ථාන නැරඹීමට අවසර පත්‍ර නිකුත් කිරීමට තීරණය කර ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post