News Line| Off Air
Generic placeholder image

Aug
6

WhatsApp විසින් වංචනික ගිණුම් මිලියන 6.8ක් ඉවත් කරයි

572 Views


WhatsApp විසින් වංචනික ගිණුම් මිලියන 6.8ක් ඉවත් කරයි

WhatsApp වංචාවලින් ආරක්ෂා වන්නේ කෙසේද?

පසුගිය වසරේ පළමු භාගයේදී WhatsApp විසින් වංචනික ක්‍රියාවලට සම්බන්ධ ගිණුම් මිලියන 6.8ක් ඉවත් කර තිබෙනවා. මෙම ගිණුම් බොහොමයක් අග්නිදිග ආසියාවේ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් පවත්වාගෙන ගිය වංචා මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ බවයි Meta ආයතනය ප්‍රකාශ කර ඇත්තේ . මෙම වංචාකරුවන් ව්‍යාජ ආයෝජන යෝජනා ක්‍රම සහ වෙනත් වංචා සඳහා WhatsApp කණ්ඩායම් චැට් යොදාගෙන තිබෙන බවත් ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.

මෙවැනි වංචා වැළැක්වීම සඳහා WhatsApp විසින් නව වංචා-විරෝධී ක්‍රියාමාර්ගයක් හඳුන්වා දී තිබෙනවා. මෙහිදී, අපරාධකරුවන් විසින් WhatsApp ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වීම වැළැක්වීම සහ, තම දුරකථන නාමාවලියේ නොමැති පුද්ගලයන් විසින් කණ්ඩායම් චැට්වලට එකතු කිරීම වැනි ක්‍රියාකාරකම් පිළිබඳව සැලකිලිමත් වන්නැයි පරිශීලකයන්ට අනතුරු ඇඟවීමද සිදු කර තිබෙනවා.

වංචාකරුවන් බොහෝ විට මුලින්ම කෙටි පණිවුඩයක් යවා පසුව එම සංවාදය WhatsApp වැනි පෞද්ගලික පණිවිඩ යෙදුම් වෙත ගෙන යන බව Meta සමාගම පවසනවා. ඔවුන් වින්දිතයන්ගෙන් මුදල් ලබා ගැනීම සඳහා payment platforms හෝ cryptocurrency වේදිකා භාවිතා කරන බවත් ඔවුන් කියා සිටිනවා.

මේ සම්බන්ධයෙන් Meta ආයතනයේ බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, වංචා පිළිබඳව සැලකිලිමත් වන ලෙසත්, two-step verification වැනි ආරක්ෂක ක්‍රියාමාර්ග භාවිත කර තම ගිණුම් ආරක්ෂා කර ගන්නා ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post