News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
12

ලෝක අලි ඇතුන්ගේ දිනය අදයි

956 Views


ලෝක අලි ඇතුන්ගේ දිනය අදයි

ලෝකයේ වන අලින් සංරක්ෂණය කිරීමේ අරමුණ පෙරදැරිව සෑම වසරකම අගෝස්තු 12 දින ලෝක වන අලි දිනය ලෙස නම් කර තිබෙනවා. 2012 අගෝස්තු 12 වැනිදා ජාත්‍යන්තර අලි ඇතුන්ගේ දිනය ප්‍රකාශයට පත්කොට තිබෙනවා. අලි ඇතුන්ගේ වාසස්ථාන හීන වීම, ඔවුන්ගේ වාසස්ථාන ඛණ්ඩනය වීම , අලි ඇතුන් දඩයම් කිරීම, වනජීවී ජාවාරම හා අලි මිනිස් ගැටුම හේතුවෙන් දැඩි ජීවිත අවදානමකට ලක්ව සිටින අප්‍රිකානු, ආසියානු අලි ඇතුන් සංරක්ෂණය කිරීම පිළිබඳව අවදානය යොමු කරමින් සෑම වසරකම අගෝස්තු 12වන දින ලොව පුරා රටවල් ලෝක හස්ති දිනය සමරනු ලබයි.


වසර දහස් ගණනක් තිස්සේ අලි ඇතුන්ගේ නිජබිමක් වූ ශ්‍රී ලංකාවට ද මෙම දිනය අතිශය වැදගත් දිනයක්. ශ්‍රී ලංකාව සංචාරකයන් අතර අලි ඇතුන්ගේ පාරාදීසයක් ලෙස ප්‍රචලිත වී තිබීම මීට හේතුවයි.
සමීක්ෂණවලට අනුව මෙරට සමස්ථ අලි ගහණය 6,000කට ආසන්න වන අතර ඉන් ඇතුන් ගණන ⁣වඩාත් සීමිත බවයි සමීක්ෂණ වාර්තාවන්ගෙන් අනාවරණය වන්නේ.


කෙසේ වෙතත් මේ වනවිට වාර්ෂිකව අලි-මිනිස් ගැටුම් හේතුවෙන් වන අලි 300-400 ක් පමණ මිය යයි. මෙම වසරේදී ද වෙඩි තැබීම් හේතුවෙන් මේ වනවිට මියගොස් ඇති වන අලි ප්‍රමාණය 40 කටත් වැඩි බවයි වාර්තා වී ඇත්තේ. අප විසින් අලි ඇතුන් රැකගත යුතුයි. එසේ නොමැතිනම් ඉතා කෙටි කලකින් මොවුන් තුරන් වී යනු ඇත. වන අලි වඳවී යෑමේ තර්ජනය සංචාරක කර්මාන්තයට ද මතුවට බලපානු ලබන බරපතළ ගැටලුවක් විය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post