News Line| Off Air
Generic placeholder image

Sep
15

Pirates of the Caribbean නිර්මාණයට පාදක වූ Flying Dutchman පුරාවෘත්තය

537 Views


Pirates of the Caribbean නිර්මාණයට පාදක වූ Flying Dutchman පුරාවෘත්තය

ෆ්ලයිං ඩච්මන්: නොනැවතී යාත්‍රා කරන හොල්මන් නැව

ෆ්ලයිං ඩච්මන් යනු 17 වන සියවසේ සිට මුහුදු ගමන් කරන්නන් බිය ගන්වන පුරාවෘත්තයක් වන අතර, එය හොල්මන් නැවක් පිළිබඳ කතාවකි. මෙම පුරාවෘත්තයට අනුව, නැව සහ එහි කපිතාන්වරයාට මරණ දඬුවමක් පැනවී ඇත, එම දඬුවම නම් සදාකාලිකවම සාගරයේ යාත්‍රා කිරීමයි. කිසිදාක වරායකට ළඟා වීමට නොහැකි වීම මේ ශාපයේ කොටසකි.

කපිතාන්වරයාගේ අධික ආඩම්බරය නිසා මෙම ශාපය ඔවුන්ට ළඟා වුණු බව පැවසේ. ඔහු දැඩි කුණාටුවක් මධ්‍යයේ වුවද, “දෙවියන්ගේ විනිශ්චය දිනය” (Judgment Day) දක්වාම යාත්‍රා කරන බවට දිවුරා තිබෙනවා. මේ හේතුවෙන්, ඔහුට සහ ඔහුගේ කාර්ය මණ්ඩලයට සදාකාලිකවම මුහුදේ යාත්‍රා කිරීමට සිදුවී ඇති බවයි පුරාවෘත්තයේ කියැවෙන්නේ.

ෆ්ලයිං ඩච්මන්(flying Dutchman) නැව දැකීම විනාශයේ සහ අවාසනාවේ පෙර නිමිත්තක් ලෙස අතීතයේ සිට පිළිගැනෙනවා. මෙම හොල්මන් නැව හමුවන අයට ව්‍යසනයන් ඇතිවන බව නාවිකයන් අතර විශ්වාසයයි.

මෙම පුරාවෘත්තය පාදක කොටගෙන නිර්මාණය වූ “පයිරේට්ස් ඔෆ් ද කැරිබියන්” (Pirates of the Caribbean) වැනි චිත්‍රපට, ඔපෙරා සහ පොත්පත් ලොවපුරා අතිශයින් ජනප්‍රිය වී තිබෙනවා. Pirates of the Caribbean කතා මාලාවේ එන ප්‍රධාන චරිතය වන ජැක් ස්පැරෝට පණ පොවන්නේ ජනප්‍රිය හොලිවුඩ් නළු ජොනී ඩෙප් (Johnny Depp) වේ. මෙම කතා මාලාව සහ මේ හා බැඳුණු flying Dutchman පුරාවෘත්තය මුහුදු ගමන් කරන අය අතර බිය හා කුතුහලය ඇති කළ සදාතන කතාවක් ලෙස අදටත් පවනවා.


News Articles
Latest Videos
Most Popular Post