නදී වාසලමුදලිආරච්චි විසින් අධ්‍යක්ෂණය කරන ලද “පැන්ට්‍රම්” වෘතාන්ත චිත්‍රපටය කල්කටාවේ පැවති Swami Vivekananda International Film Festival (SVIFF) හිදී සම්මාන තුනක් හිමිකර ගෙන තිබෙනවා. හොඳම චිත්‍රපටය, හොඳම කැමරා අධ්‍යක්ෂණය සහ හොඳම තිර රචනය එම සම්මාන ත්‍රිත්වයයි.
මයුර පෙරේරා, හේමසිරි ලියනගේ සහ අනුසුයා සුබසිංහ රංගනයෙන් දායක වන පශ්චාත් යුධ සමය පාදක කරගත් මෙම නිර්මාණය මීට පෙර Independent and Experimental Film Festival of Kerala (IEFFK) හිදී සිය පළමු ලෝක ප්‍රදර්ශනය පවත්වා විචාරක පැසසුම් ලබා තිබුණා.
සියත අපෙන් නදී වාසලමුදලිආරච්චි ඇතුළු කණ්ඩායමට උණුසුම් සුබ පැතුම්!


