News Line| Off Air
Generic placeholder image

Sep
26

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ 60 වන සංවත්සරයට “Wonders of the Universe” නමින් සමරු මුද්දර කට්ටලයක්

401 Views


ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ 60 වන සංවත්සරයට “Wonders of the Universe” නමින් සමරු මුද්දර කට්ටලයක්

ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ (Planetarium) 60 වන සංවත්සර සැමරුමට සමගාමීව “The Wonders of the Universe” යන තේමාවෙන් යුත් විශේෂ සමරු තැපැල් මුද්දර කට්ටලයක් නිකුත් කිරීම ඊයේ (25) සිදු කෙරුණා.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාර පරිශ්‍රයේදී මෙම මුද්දර නිකුත් කිරීමේ උත්සවය පැවැත්වුණා. තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් නිර්මාණය කරන ලද මෙම වටකුරු මුද්දර කට්ටලය, සමරු මුද්දර 10කින් සමන්විතයි.

එම මුද්දර 10, Pillars of Creation – Eagle Nebula, Solar Eclipse with Corona – Diamond Ring, Milkey Way’s Black hole, Andromeda Galaxy, Crab Nebula, Orion Nebula, The Great Red Spot on Jupiter, Galactic Wreckage in Stephan’s Quintet, Pleiades, සහ Saturn’s Rings ලෙසයි නම් කර තිබෙන්නේ

මෙම මුද්දර කට්ටලය නිර්මාණය කර ඇත්තේ හිටපු නාසා විද්‍යාඥයෙකු වනආචාර්ය කාවන් රත්නතුංගයි. මෙරට ඇති පළමු හා එකම ග්‍රහලෝකාගාරය 1965 වසරේ කොළඹ තුරඟ තරග පිටියේ පැවති ලංකා කාර්මික ප්‍රදර්ශනයේ විශේෂ අංගයක් ලෙස ලංකා ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා වූ ඉංජිනේරු ඒ.එන්.එස්. කුලසිංහ නිර්මාණය කරන ලද්දක්.

මෙම අවස්ථාවට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් වයි.එල්. මොහමඩ් නවාවි, නියෝජ්‍ය තැපැල්පති එච්. එම්. ප්‍රේමචන්ද්‍ර (නීතිඥ), තාරකා භෞතික විද්‍යාඥ ආචාර්ය කාවන් රත්නතුංග, ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ අධ්‍යක්ෂිකා සුජානි මහේෂා සිල්වා ඇතුළු පාසල් දරු දැරියන් සහ ගුරුවරු පිරිසක් සහභාගී වී තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post