News Line| Off Air
Generic placeholder image

Nov
19

Cloudflare බිඳ වැටීමෙන් දහස් ගණනක් වෙබ් අඩවි ඇනහිටී

235 Views


Cloudflare බිඳ වැටීමෙන් දහස් ගණනක් වෙබ් අඩවි ඇනහිටී

ක්ලවුඩ්ෆ්ලෙයා (Cloudflare) යනු ලෝකයේ ප්‍රධානතම අන්තර්ජාල යටිතල පහසුකම් සපයන සමාගමකි. එම සමාගමෙහි ඇති වූ ගැටලු කිහිපයක් හේතුවෙන් ලොව පුරා සමාජ මාධ්‍ය ජාලයන් ඇතුළු බොහෝ වෙබ් අඩවි මේ වන විට අක්‍රීය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රධාන අන්තර්ජාල යටිතල පහසුකම් සපයන සමාගමක් වන Cloudflare හි ඇති වූ තාක්ෂණික දෝෂ කිහිපයක් හේතුවෙන් ලොව පුරා සමාජ මාධ්‍ය (X, Chatgpt ඇතුළු) සහ වෙබ් අඩවි දහස් ගණනක් ඊයේ (18) පස්වරුවේ සිට අක්‍රීය වී ඇත.

එම සමාගම නිවේදනය කළේ, තමන්ගේ සේවාව වෙත අසාමාන්‍ය ලෙස ගමනාගමනය (Traffic) වැඩිවීමක් පෙන්නුම් කළ බවත්, එම හේතුවෙන් ජාලය තුළ දෝෂ හටගත් බවත්ය. කෙසේ වෙතත්, මෙම ගමනාගමනය වැඩිවීමට හේතුව පැහැදිලි නොවන බවත්, දෝෂය යථා තත්ත්වයට පත් කිරීමට සිය සමාගම කඩිනමින් කටයුතු කරන බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, Cloudflare සමාගම මගින් මෙම බිඳවැටීම නිවැරදි කිරීමට කටයුතු කිරීම නිසා මේ වන විට වෙබ් අඩවි රැසක් යථා තත්ත්වයට පත් වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post