ඊයේ(08) ජපානයේ උතුරු කෙළවරේ පිහිටි අමෝරි නගරයට නැගෙනහිරින් සහ හොක්කයිඩෝ දූපතට දකුණින් රික්ටර් මාපකයේ 7.6ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හට ගැනීම හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම භූ කම්පනය හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කෙරුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස හොක්කයිඩෝ ප්‍රාන්තයේ උරකාවා නගරයට සහ මුට්සු ඔගවාරා හි අමෝරි ප්‍රාන්ත වරායන් වෙත සෙන්ටිමීටර 40ක පමණ උසින් යුත් සුනාමි රළක් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජපාන අගමැතිනිය, සිදුව ඇති හානියේ තරම කඩිනමින් තක්සේරු කිරීම සඳහා හදිසි කාර්ය සාධක බළකායක් පිහිට වූ බවත්, ජනතාවගේ ජීවිතවලට මුල් තැන දෙමින් ගත හැකි සෑම පියවරක්ම ක්‍රියාත්මක කරන බවයි ප්‍රකාශ කර ඇත්තේ. එසේම, භූ කම්පනයෙන් කලාපයේ න්‍යෂ්ටික බලාගාරවලට යම් බලපෑමක් සිදුව ඇති දැයි සොයා බැලීම සඳහාත් පරීක්ෂාවන් සිදු කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
