News Line| Off Air
Generic placeholder image

Dec
11

‘Photobombing’ චන්ද්‍රිකා නිසා අභ්‍යවකාශ දුරේක්ෂ අනතුරේ

113 Views


‘Photobombing’ චන්ද්‍රිකා නිසා අභ්‍යවකාශ දුරේක්ෂ අනතුරේ

අභ්‍යවකාශය පදනම් කරගත් දුරේක්ෂවලට දුරස්ථ විශ්වය නිරීක්ෂණය කිරීමේ හැකියාව ඉදිරි අනාගතයේදී බරපතල තර්ජනයකට ලක් විය හැකි බව නව පර්යේෂණවලින් හෙළි වී තිබෙනවා. දැනට පහත් පෘථිවි කක්ෂයේ චන්ද්‍රිකා 15,000ක් පමණ තිබුණද, සැලසුම් කර ඇති නව දියත් කිරීම් හේතුවෙන් එම සංඛ්‍යාව 500 000 ඉක්මවා යා හැකි අතර, මෙම චන්ද්‍රිකාවලින් පරාවර්තනය වන ආලෝකය නිසා හබල් අභ්‍යවකාශ දුරේක්ෂය වැනි උපකරණ මගින් ගන්නා ඡායාරූප භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත්විය හැකි බවත් පරිගණක ආකෘති මගින් අනාවරණය වී තිබෙනවා. කෙසේ වෙතත්, මෙම අහිතකර බලපෑම් අවම කර ගැනීම සඳහා පර්යේෂණ කණ්ඩායම් වෙනත් උපාය මාර්ග මාලාවක් ද මේ වනවිට යෝජනා කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post