News Line| Off Air
Generic placeholder image

Dec
24

පෝලන්තයේ සිට සංචාරකයින් රැගත් ‘Smart Wings’ මංගල ගුවන් යානය කටුනායකට

106 Views


පෝලන්තයේ සිට සංචාරකයින් රැගත් ‘Smart Wings’ මංගල ගුවන් යානය කටුනායකට

පෝලන්තයේ සිට මෙරටට සංචාරකයින් රැගෙන ඒම සඳහා වන ‘ස්මාර්ට් වින්ග්ස්’ (Smart Wings) ගුවන් සේවයේ පළමු මංගල ගුවන් යානය සංචාරකයින් 180 දෙනෙකු සමඟ ඊයේ (23) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළට ළඟා වී තිබෙනවා. මෙම මෙහෙයුම යටතේ එළැඹෙන 2026 මාර්තු 15 දක්වා සෑම අඟහරුවාදා දිනකම වෝර්සෝ නුවර සිට කටුනායක දක්වා සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක වන අතර, මෙසේ පැමිණෙන පිරිස දිවයිනේ ප්‍රධාන සංචාරක කලාප රැසක සංචාරය කිරීමට නියමිතයි. ගුවන්තොටුපොළේදී උත්කර්ෂවත් අයුරින් පිළිගත් මෙම නව ගුවන් සේවාව ශ්‍රී ලංකාවේ ශීත ඍතු සංචාරක ප්‍රවර්ධනයට සුවිශේෂී දායකත්වයක් සපයනු ඇතැයි ද අපේක්ෂා කෙරෙනවා.


News Articles
Latest Videos
Most Popular Post