News Line| Off Air
Generic placeholder image

Dec
26

සුනාමි ව්‍යසනයට අදට වසර 21ක්

82 Views


සුනාමි ව්‍යසනයට අදට වසර 21ක්

2004 වසරේ සිදුවූ දරුණු සුනාමි ව්‍යසනයෙන් දිවි අහිමි වූ දසදහස් සංඛ්‍යාත ජනතාව සිහිපත් කරමින් අද (26) ජාතික සුරක්ෂිත දිනය ලෙස නම් කර තිබෙනවා. එදා සිදුවූ මහා විනාශයෙන් ජීවිතක්ෂයට පත් වූ 35,000කට අධික පිරිස සහ අතුරුදන් වූවන් වෙනුවෙන් ගෞරවය පිදීම සඳහා අද දිනය පුරා දිවයින පුරා විශේෂ සැමරුම් වැඩසටහන් සංවිධානය කර තිබෙනවා.
එමෙන්ම මියගිය ජනතාව සිහිපත් කරමින් අද පෙරවරු 9.25 සිට 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මුළු රටෙන්ම ඉල්ලීමක් කර තිබෙනවා. මෙවර ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල, පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී පැවැත්වීමට මේ වනවිට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා.

එදා සිදු වූ ලොව බිහිසුණුම දුම්රිය අනතුර සිහිපත් කරමින් විශේෂ දුම්රියක් අද පෙරවරුවේ මරදානෙන් ගමන් ආරම්භ කරන අතර, එය පෙරවරු 9.27ට පැරෑලියට ළඟා වීමට නියමිතයි. එහිදී අනතුර සිදු වූ ස්ථානයේ විනාඩි 10ක කාලයක් දුම්රිය නතර කර තබමින් සුනාමි ව්‍යසනයෙන් මියගිය අයට උපහාර පිදීමට නියමිත බවත් දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ සඳහන් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post