News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
19

සමනළ සිරි – හරිත වන්දනාව නල්ලතන්නියෙන් ඇරඹෙයි

386 Views


සමනළ සිරි – හරිත වන්දනාව නල්ලතන්නියෙන් ඇරඹෙයි

සමනළ සිරි – හරිත වන්දනා ක්ලීනින් ශ්‍රී ලංකා වැඩසටහන පරිසර අමාත්‍ය ආචාර්ය ධම්මික පටබැදිගේගේ ප්‍රධානත්වයෙන් අද(19) දින උදැසන නල්ලතන්නි නගරයෙන් ආරම්භ වුණා. ශ්‍රී පාද අඩවිය තුල සිදු කරන අවිධිමත් මානව ක්‍රීයාකාරකම් නිසා උද්ගත වී ඇති පරිසර හානිය මුලින්ම නතර කර අධි සංවේදි පරිසරික කලාපයක් වන සමනළ අඩවිය මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කිරිමටත්, වන්දනාකරුවන් වෙනුවෙන් පිරිසිදු ආහාර, පිරිසිදු ජලය සහ සනීපාරක්ෂක පහසුකම් ආදිය ඉහළ නැවීමේ අරමුණෙනුත් යුතුව සමනළ සිරි – හරිත වන්දනා (2025-2028) ජාතික වැඩසටහන මෙලෙස ආරම්භ කර තිබෙනවා.


මෙම සමනළ සිරි – හරිත වන්දනා ක්ලීනින් ශ්‍රී ලංකා වැඩසටහන සදහා ත්‍රිවිධ හමුදාවේ 1800ක භට පිරිසක් පොලිස් නිළධාරින් ස්වේච්ඡා සංවිධාන, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, සිවිල් සංවිධාන ඇතුලු රාජ්‍ය ආයතන වල සේවකයින් ඇතුලු 2500 දෙනෙකු නල්ලතන්නි ශ්‍රී පාද මළුව දක්වා වන්දනාකරුවන් විසින් පරිසරයට මුදා හැර තිබු ප්ලාස්ටික්, පොලිතින් ඇතුලු අපද්‍රව්‍ය ඉවත් කිරිමේ කටයුතුවල වල නිරත වන අතර, මෙයට සමගාමීව අද(19) දින උදෑසන රත්නපුර පලාබද්දර රජ මාවත ඔස්සේද ශ්‍රී පාද උඩ මළුව දක්වා තවත් මෙවැනිම පාර්සරික වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබෙනවා. නල්ලතන්නි සමාරම්භක උත්සවයේදි පරිසරය රැක ගැනීමේ විදි නාට්‍ය මාලාවක්ද පැවැත්වුණා.


ජනාධිපති ලේකම් කාර්යාලය, මධ්‍යම පරිසර අධිකාරිය එක්ව සංවිධානය කර තිබු අතර, නල්ලතන්නියේ සමාරම්භක උත්සවයට නුවරඑළිය දිස්ත්‍රික් පා.ම. මංජුල සුරවීර, නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් සමිර ගම්ලත්, ජනාධිපති අතිරේක ලේකම් (පරිසර) එස්.පී.සි. සුධීෂ්වර, බ්‍රිගේඩියර් නුවන් ගුණවර්ධන නුවරඑලිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත චන්ද්‍රසිරි, හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් විරසේකර යන අය සහභාගි වී තිබෙන බවටයි වැඩිදුරටත් සඳහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post