2026 වසර සඳහා ‘International Living’ සඟරාව නිකුත් කළ 35 වැනි වාර්ෂික ගෝලීය විශ්‍රාම දර්ශකයට අනුව, අවම ජීවන වියදමකින් උසස් ජීවන රටාවක් පවත්වා ගත හැකි ලොව වඩාත්ම දැරිය හැකි (Most Affordable) විශ්‍රාමික ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 98ක් ලබා ගනිමින් ලොව ප්‍රථම ස්ථානය දිනාගෙන ඇති බවට වාර්තා වනවා.
ආහාර පාන, ප්‍රවාහනය සහ උසස් සෞඛ්‍ය සේවාවන් සඳහා පවතින අඩු පිරිවැය මෙන්ම, වීසා ලබා ගැනීමේ පහසුව සහ සුන්දර සංස්කෘතික පරිසරය මෙම ශ්‍රේණිගත කිරීම සඳහා ප්‍රධාන වශයෙන් බලපා ඇති අතර, ග්‍රීසිය සමස්ත දර්ශකයේ පෙරමුණ ගත්තද, ආර්ථිකමය වශයෙන් වියට්නාමය, තායිලන්තය, මැලේසියාව සහ ඉන්දුනීසියාව වැනි රටවල් අභිබවා යමින් ශ්‍රී ලංකාව විශ්‍රාමිකයන් සඳහා වඩාත්ම සුදුසු සහ ලාභදායී රට ලෙස තහවුරු වී තිබෙනවා.