2026 වසරේදී ද ගෝලීය උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ඉහළ මට්ටමක පවතින අතර, විශේෂයෙන්ම දකුණු ආසියාව ඇතුළු නිවර්තන කලාපීය රටවල සැලකිය යුතු උණුසුම් තත්ත්වයක් නිරීක්ෂණය වී තිබෙනවා. වර්තමාන දත්තවලට අනුව ලෝකය වේගයෙන් එල්නිනෝ (El Niño) තත්ත්වයක් කරා ගමන් කරමින් සිටින අතර, ජූනි – අගෝස්තු කාලය වන විට එය වර්ධනය වීමේ හැකියාව 80% දක්වා ඉතා ඉහළ අගයකයි පවතින්නේ. ශ්‍රී ලංකාව මේ වනවිට අන්තර් මෝසම් කාලගුණික අවධියක පසුවන අතර, අප්‍රේල් මස අගදී උෂ්ණත්වය තවදුරටත් ඉහළ යා හැකි බව පුරෝකථනය කර තිබෙනවා. මැයි මාසයේදී නිරිතදිග මෝසම ආරම්භ වුවද, වර්ධනය වෙමින් පවතින එල්නිනෝ බලපෑම හේතුවෙන් වසරේ දෙවන භාගයේදී සාමාන්‍ය මට්ටමට වඩා අඩු වර්ෂාපතනයක් සහ වියළි කාලගුණික තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි මෙම වාර්තාවෙන් පෙන්වා දී තිබෙන්නේ.
