News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
9

2026 අවුරුදු කැවිලි මේසයේ මිල ඉහළට

810 Views


2026 අවුරුදු කැවිලි මේසයේ මිල ඉහළට

වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනයේ PublicFinance.lk වේදිකාව මගින් සිදුකළ විශ්ලේෂණයකට අනුව, 2025 වසරට සාපේක්ෂව 2026 වසරේදී සාම්ප්‍රදායික සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කැවිලි මේසයක පිරිවැය 7.0% කින් ඉහළ ගොස් ඇති අතර, එය ආර්ථික අර්බුදයට පෙර පැවති 2019 වසරට සාපේක්ෂව 2.5 ගුණයක දැවැන්ත වැඩිවීමක් ලෙසයි පෙන්වා දෙන්නේ. කැවිලි වර්ග අටක් පාදක කරගනිමින්, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මිල දත්ත අනුව සකස් කළ මෙම වාර්තාව පෙන්වා දෙන්නේ සමස්ත පිරිවැය ඉහළ යාමෙන් 80% කටම ප්‍රධාන වශයෙන් පොල්තෙල් සහ සහල් පිටි මිල වැඩිවීම බලපා ඇති බවයි. 4-5 දෙනෙකුගෙන් යුත් පවුලක් වෙනුවෙන් පිළියෙල කරන මෙම කැවිලි මේසයේ පිරිවැය ගණනය කිරීමේදී “අපේ අම්මා” යූටියුබ් නාලිකාවේ වට්ටෝරු සහ කොළඹ දිස්ත්‍රික්කයේ සිල්ලර මිල ගණන් පදනම් කරගෙන ඇති අතර, ඒ සඳහා උපයෝගිතා පිරිවැය ඇතුළත් කර නොමැත.


News Articles
Latest Videos
Most Popular Post