News Line| Off Air
Generic placeholder image

Jun
4

තවත් වසර දෙකක් සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට නිත්‍ය නොවන සාමාජික රටවල් පහක්

11 Views


තවත් වසර දෙකක් සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට නිත්‍ය නොවන සාමාජික රටවල් පහක්

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට නිත්‍ය නොවන සාමාජික රටවල් පහක් තේරී පත් ව තිබෙනවා. එලෙස ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය නොවන සාමාජික රටවල් ලෙස පත් වූයේ ඔස්ට්‍රියාව, කිර්ගිස්තානය, පෘතුගාලය, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ මෙන්ම සිම්බාබ්වේ යන රටවලුයි. මෙම රටවල සාමාජික කාලය වලංගු වන්නේ වසර දෙකක් සඳහායි. ආරක්ෂක මණ්ඩලයට කිර්ගිස්තානය තේරී පත් වූ ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. මින් පෙර ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය නොවන සාමාජිකයන් ලෙස කටයුතු කළේ ඩෙන්මාර්කය, ග්‍රීසිය, පකිස්ථානය, පැනමාව සහ සෝමාලියාව යන රටවල්ය. මින් පෙර සාමාජිකත්වය දැරූ රටවල නිල කාලය අවසන් වූ පසු, 2027 ජනවාරි 1 වන දින නව සාමාජික රටවල් රාජකාරි ආරම්භ කිරීමට නියමිතයි. 2028 දෙසැම්බර් 31 දක්වා එම රටවල් ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය නොවන සාමාජිකයන් ලෙස කටයුතු කරනු ඇත. ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය නොවන සාමාජික රටක් ලෙස සුදුසුකම් ලැබීමට මෙවර රටවල් හතක් ඉදිරිපත් විය. පළමු වටයේ ඡන්ද විමසීමේදී ඔස්ට්‍රියාව, පෘතුගාලය, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ මෙන් ම සිම්බාබ්වේ තේරී පත් වූ අතර කිර්ගිස්තානය පිලිපීනය පරාජය කිරීමට පෙර තවත් ඡන්ද වට තුනක් පැවැත්විණ.


News Articles
Latest Videos
Most Popular Post