News Line| Off Air
Generic placeholder image

Jul
21

ස්පාඤ්ඤයේ වැටුප් සහිත ඔසප් නිවාඩු පනත – ප්‍රජනන සෞඛ්‍ය අයිතිවාසිකම්වල නව පිටුවක්

232 Views


ස්පාඤ්ඤයේ වැටුප් සහිත ඔසප් නිවාඩු පනත – ප්‍රජනන සෞඛ්‍ය අයිතිවාසිකම්වල නව පිටුවක්

2023 වසරේදී අනුමත වූ ප්‍රජනන සෞඛ්‍ය ප්‍රතිසංස්කරණ හරහා, දැඩි ඔසප් වේදනාවෙන් පෙළෙන සේවකයින් සඳහා මහජන සමාජ ආරක්ෂණ පද්ධතිය මගින් ආවරණය වන වැටුප් සහිත වෛද්‍ය නිවාඩු හඳුන්වා දුන් යුරෝපයේ පළමු රට බවට ස්පාඤ්ඤය පත් වී තිබෙනවා. දැඩි ඔසප් වේදනාව සැබෑ වෛද්‍ය තත්ත්වයක් ලෙස පිළිගනිමින් ඔසප් වීම හා සම්බන්ධ සමාජ අපවාද දුරු කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වැඩිදියුණු කිරීම මෙම පියවරේ ප්‍රධාන අරමුණයි. මෙමගින් අදාළ රෝග තත්ත්වයන් ඉක්මනින් හඳුනා ගැනීමට මගපෑදෙනු ඇතැයි පක්ෂපාතී පිරිස් පෙන්වා දුන්නද, කාන්තාවන් රැකියාවලට ගැනීමේදී වෙනස්කම්වලට ලක්වීමේ අවදානමක් පවතින බවට විවේචකයෝ කංසාව පළ කරනවා. කෙසේ වෙතත්, මෙම ප්‍රතිපත්තියේ සාර්ථකත්වය සාධාරණ ලෙස ක්‍රියාත්මක කිරීම මත රඳා පවතින අතර, එය ලොව පුරා කම්කරු අයිතිවාසිකම් සහ සේවා ස්ථාන පහසුකම් පිළිබඳ නව සාකච්ඡාවලට ද මගපාදා තිබෙන බවටයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post