News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
19

“සිංහල සුගීත අඹරේ යතිවර සලකුණ” – පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණෝ අපවත් වෙති

46 Views


“සිංහල සුගීත අඹරේ යතිවර සලකුණ” – පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණෝ අපවත් වෙති

‘ලා දළු බෝපත් සෙමින් සැලෙනා’ ගී පදයෙන් හදවත් සැනසූ, ප්‍රවීණ ගී පද රචක, ගන්ථ කතෘ මෙන්ම සම්බුදු සසුනට හා බෞද්ධ සාහිත්‍යයට අනුපමේය මෙහෙවරක් ඉටුකළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණන් වහන්සේ අපවත් වී වදාළහ.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වන විට උන්වහන්සේ 76 වෙනි වියෙහි පසුවූහ. ‘ලා දළු බෝපත්’, ‘සෙනෙහස පුදා’, ‘සඳ තරු මල්’ සහ ‘සංසාරේ අපි’ වැනි බෞද්ධ, සමාජීය හා සංවේදී තේමාවන් ඔස්සේ අර්ථපූර්ණ ගීත සමුදායක් දැයට තිළිණ කරමින් උන්වහන්සේ දේශීය සංගීත ක්ෂේත්‍රය පෝෂණය කිරීමට අසමසම දායකත්වයක් ලබා දුන්හ.

අපවත්වී වදාළ අතිපූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණන් වහන්සේට උතුම් වූ අමාමහා නිවන් සුව අත්වේවා!


News Articles
Latest Videos
Most Popular Post