රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද අලුත්ම ගැසට් පත්‍රයට අනුව, සෑම සුනඛයෙකුම අදාළ පළාත් පාලන ආයතනයේ වාර්ෂිකව ලියාපදිංචි කිරීම අනිවාර්ය කර තිබෙනවා.
සුනඛයන් සඳහා ජලභීතිකා එන්නත ලබා දීම, උන්ගේ ගහනය පාලනය කිරීම සහ වාණිජමය වශයෙන් සිදුකරන සුනඛ අභිජනනය නියාමනය කිරීම මෙම පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණු අතර ඇති බවත් සඳහන්.
ඒ අනුව, වයස සති 06 ඉක්මවූ සුනඛයන්ට ජලභීතිකා එන්නත ලබා දී වාර්ෂිකව ලියාපදිංචි කිරීමට අයිතිකරුවන් හෝ භාරකරුවන් කටයුතු කළ යුතු වනවා. යම් ලෙසකින් එම ලියාපදිංචිය පැහැර හරින පුද්ගලයන්ට ලියාපදිංචි ගාස්තුවට අමතරව රුපියල් 2,000ක දඩයක් අය කිරීමට මෙම නීතිය මගින් යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ.