News Line| Off Air| Games
Generic placeholder image

Oct
16

ජනපති චීනයේ සිව් දින නිල සංචාරයක

Generic placeholder image

චීන නිල සංචාරය අරඹමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (15) රාත්‍රීයේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වු 03 වන “එක් තීරයක් – එක් මාවතක්” සමුළුව සඳහා සහභාගි වීමට ජනාධිපතිවරයා චීනය බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. මේ අනුව ජනාධිපතිවරයා ඔක්තෝබර් 16 වනදා සිට 20 වනදා දක්වා චීනයේ සිව් දින […]


Oct
13

අති විශේෂ ගැසට් නිවේදනයක්

Generic placeholder image

පරිසර අමාත්‍ය ධුරය ජනපති රනිල් වික්‍රමසිංහ යටතට ගනිමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. නසීර් අහමඩ් මීට පෙර පරිසර අමාත්‍ය ධූරයේ කටයුතු කරනු ලැබුවා. අධිකරණය ලබා දුන් නියෝගයකින් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වුණා. ඒ අනුව පුරප්පාඩු වූ පරිසර අමාත්‍ය ධූරයයි මෙලෙස ජනාධිපතිවරයා යටතට පවරා ගෙන ඇත්තේ.


Oct
13

දක්ෂිණ අධිවේගයේ පස් ඉවත් කිරීම තවදුරටත්

Generic placeholder image

නායයෑමට ලක්වූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව හා පින්නදූව අතර 102 කිලෝමීටර් කණුව ආසන්නයේ මාර්ග කොටසේ පස් ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදුකෙරෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.


Oct
12

බෙන්නු ග්‍රහකයේ පස්වල පළමු ඡායාරූප මාධ්‍යට(VIDEO)

Generic placeholder image

ඔසයිරිස් රෙක්ස් යානය බෙන්නු ග්‍රහකයෙන් රැගෙන ආ පස් සාම්පලයේ පළමු ඡායාරූප මාධ්‍යට නිකුත් කිරීමට නාසා ආයතනය පියවර ගෙන තිබෙනවා. ඔසයිරිස් රෙක්ස් යානය මීට දින 17 කට පෙරයි පෘථිවිය වෙත පැමිණියේ. එමඟින් රැගෙන ආ බෙන්නු ග්‍රහකයේ පස් සාම්පල ටෙක්සාස්හි විශේෂ විද්‍යාගාරයක පරීක්ෂා කරනු ලබනවා. දින තුනක විශ්ලේෂණයකින් පසු හෙළි වී ඇත්තේ එම කළු පැහැති පස් තුළ […]


Oct
12

දරුවන් අතර ඇස් රෝගයේ සීඝ්‍ර පැතිරීමක්(VIDEO)

Generic placeholder image

සීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන අක්ෂි රෝගය හේතුවෙන් දරුවන්ගේ ඇසේ පෙනීමට පවා හානි විය හැකි බව විශේෂඥ වෛද්‍ය හිරන්‍ය අබේසේකර පවසනවා. දිනකට රෝගී දරුවන් 15 දෙනෙකු පමණ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ප්‍රතිකාර සදහා පැමිණෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.


Oct
11

ටයිටන් සබ්මැරීනයේ බවට සැක කෙරෙන සුන්බුන් සහ මිනිස් අස්ථි කොටස් කිහිපයක් සොයාගනී

Generic placeholder image

ටයිටන් සබ්මැරීනයේ බවට සැක කෙරෙන සුන්බුන් සහ මිනිස් අස්ථි කොටස් කිහිපයක් සොයාගත් බව අමෙරිකානු වෙරළාරක්ෂක බලකාය පවසා තිබෙනවා. එම අමතර කොටස් අමෙරිකාවේ වරායකට ගෙන ගිය බවයි වාර්තා වන්නේ. එසේම එම අස්ථි කොටස් වෛද්‍ය පර්යේෂණ සඳහා යොමු කරන බව ද වාර්තා වනවා. පසුගිය ජුනි මාසයේ දී ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගිය අවස්ථාවේ ටයිටන් සබ්මැරීනය පුපුරා ගියා. […]


Oct
11

අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනීගේ දේහය ඔහුගේ නිවසට – අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක්

Generic placeholder image

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දේහය මහජන ගෞරවය සඳහා මේ වන විට කඩවත පිහිටි ඔහුගේ නිවසෙහි තැන්පත් කර තිබෙනවා. දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන්, දේශපාලනඥයින්, රසිකයින් ඇතුළු විශාල පිරිසක් මේ වන විටත් පැමිණෙමින් සිටිනවා. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (12) රාගම දී සිදු කිරීමට නියමිතයි.


Oct
11

උසස් පෙළ විභාග කාලසටහන නිකුත් කෙරේ

Generic placeholder image

2023 (2024) උසස් පෙළ විභාගයේ නව කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2024 වර්ෂයේ ජනවාරි මස 04 වනදා සිට ජනවාරි 31 වනදා දක්වා විභාගය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ. අදාළ නිවේදනය පහතින්,


Oct
10

ඊශ්‍රායල හමාස් ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 1500 ඉක්මවයි(VIDEO)

Generic placeholder image

ඊශ්‍රායල හමාස් ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 1500 ඉක්මවා ගොස් තිබෙනවා. දැනට අතුරුදන්ව සිටින ශ්‍රී ලාංකික කාන්තාවක ද ජීවිතක්ෂයට පත්ව ඇති බවට සමාජ මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා. එය නිල වශයෙන් සනාථ කර ගැනීම සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා නානාපති නිමල් බණ්ඩාර ප්‍රකාශ කළා. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.


Oct
10

ජැක්සන් අහිමි වුණේ ලංකාවේ අවාසනාවට

Generic placeholder image

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීගේ දේහය මහජන ගෞරවය සඳහා මේ වන විට ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබෙනවා. දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන්, දේශපාලඥයින්,රසිකයින් ඇතුළු විශාල පිරිසක් මේ වන විටත් පැමිණෙමින් සිටිනවා. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.


Oct
6

කොල්ලුපිටි​ය බස් ර​ථ අනතුරෙන් පුද්ගලයින් 5ක් මරුට

Generic placeholder image

කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසලදී මගී බස් රථයකට ගසක් කඩාවැටී සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා.


Oct
6

ඩුප්ලිකේෂන් පාර වැසේ

Generic placeholder image

කොල්ලුපිටියේ බස් අනතුර හේතුවෙන් ඩුප්ලිකේෂන් මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. පොලීසිය රියදුරන්ට දැනුම්දෙන්නේ විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි.


News Articles
Latest Videos
Most Popular Post