News Line| Off Air
Generic placeholder image

Aug
6

දිමුත්ට එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමක් නියෝජනය කිරීමට අවස්ථාව

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න එංගලන්තය බලා පිටත්වයෑමට නියමිතව තිබෙනවා. ඒ එංගලන්ත නොටිංහැම්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීම සදහායි.


Aug
6

ලිට්රෝ ගෑස් සමාගමෙන් නව ගෑස් සිලින්ඩර ලක්ෂ 10 ක් ගෙන්වීමට තීරණයක්

Generic placeholder image

ලිට්රෝ ගෑස් සමාගමෙන් නව ගෑස් සිලින්ඩර ලක්ෂ 10 ක් ගෙන්වීමට තීරණය කර තිබෙනවා. ඉකුත් මාස 07 තුල නව ගෑස් සිලින්ඩර ගෙන්වීමට කටයුතු නොකිරීම නිසා වෙළෙදපොලේ ගෑස් සිලින්ඩර හිගයකින් තොරව පවත්වා ගෙන යෑම සදහා මෙලෙස නව ගෑස් සිලින්ඩර ගෙන්වීමට තීරණය කර ඇති බවයි පැවසෙන්නේ.


Aug
6

කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය අද රැස්වෙයි

Generic placeholder image

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය අද රැස්වීමට නියමිතව තිබෙනවා. පවතින රෝහල් ධාරිතාව ඉක්මවා යෑම පිලිබදව මෙහිදී වැඩි දුරටත් කතිකා කරන බවයි වාර්තා වන්නේ.


Aug
6

අස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව ලබා නොගත් පිරිසට දැනුවත් කිරීමක්

Generic placeholder image

අස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව මේ දක්වා ලබානොගත් පුද්ගලයන්ට දැනුවත් කිරීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව අද (06) දිනයේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයට පැමිණ එන්නත ලබාගත හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කලේ.


Aug
6

සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් මෙරටට ගෙන එයි

Generic placeholder image

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 20 අද උදෑසන මෙරටට ගෙනවිත් තිබෙනවා.


Aug
6

ගෝනියක් තුළ තිබී කාන්තා මළ සිරුරක් හමුවෙයි

Generic placeholder image

ගෝනියක් තුළ තිබී කාන්තා මළ සිරුරක් හමුව තිබෙනවා. ඒ වෙළෙඳසැළක් අසල ගෝනියක් තුළ තිබියදී. මෙලෙස මියගොස් ඇත්තේ 55 හැවිරිදි කාන්තාවක් වන අතර ඇය බැංකුවට යන බව පවසා නිවසින් පිටව ගිය බවයි ඇයගේ අතුරුදහන් වීම පිලිබදව සිදු කරන ලද පැමිණිල්ලේ සදහන් වන්නේ. කෙසේ වෙතත් අදාල කාන්තාව ත්‍රීරෝද රථයකින් බැංකුවට යෑම සඳහා පිටත්වී ඇති අතර ත්‍රීරෝද රථයේ […]


Aug
6

කොළඹ නගර සීමාවෙන් හඳුනාගත් ආසාදිතයින්ගෙන් 75%කට වඩා ආසාදනය වී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය බව වාර්තා වෙයි

Generic placeholder image

කොළඹ නගර සීමාවෙන් හඳුනාගත් ආසාදිතයින්ගෙන් 75%කට වඩා ආසාදනය වී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදය බව වාර්තා වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සදහන් කරනවා. ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ ජූලි මාසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් ගේ ප්‍රතිශතය ගණන 19.3% ක් ලෙස වාර්තා වුවත් මේ වන […]


Aug
6

අද කාලගුණය

Generic placeholder image

සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ.බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. ඌව පළාතේත් අම්පාරසහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොටසහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැ.කි.මී. (40-50) පමණ […]


Aug
5

සතියකට මුර දෙකක් යටතේ රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමට එකඟතාවයක්

Generic placeholder image

රාජ්‍ය සේවකයින් සතියකට මුර දෙකක් යටතේ රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමට එකඟතාවය පළවී ඇතැයි රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරනවා. මේ පිලිබදව අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කලේ, “මේ වෙනකොට රාජ්‍ය සේවයේ සිටිනවා අවුරුදු 18 සහ 30 අතර යම් පිරිසක් එන්නත ලබානොගත්. ඒ සියලු දෙනාට කඩිනමින් එන්නත් ලබා දෙනවා. ඒ වගේම රාජ්‍ය […]


Aug
5

PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා ඉදිරි සතියේ පාලන මිලක්

Generic placeholder image

PCR සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා ඉදිරි සතියේ පාලන මිලක් නියම කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සදහන් කරනවා. රෝහල් එකී පරීක්ෂණ සඳහා විවිධ වූ ගාස්තු අය කරන බවට අනාවරණය වී ඇති බවත් ඒ හේතුවෙන් අදාල පරීක්ෂණ සදහා අය කළ හැකි උපරිම මිල පිළිබඳව ලබන සිකුරාදා වන විට ප්‍රකාශ කරන බවයි පැවසෙන්නේ.


Aug
5

කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් රෝහල් කිහිපයක් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි

Generic placeholder image

කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් දිවයින පුරා රෝහල් කිහිපයක් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහල සහ රත්නපුර ශික්ෂණ රෝහල තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට රෝහල් බලධාරීන් කටයුතු කර තිබෙනවා. කොවිඩ් රෝගීන්ගේ ක්ෂණික වර්ධනයක් පෙන්නුම් කිරීම මිට ප්‍රධාන හේතු ලෙස ඔවුන් පෙන්වා දෙනවා.


Aug
5

බෝට්ටුවකින් ගඟක් තරණය කර මනාලියගේ නිවසට යන අතරමගදී මනාලයා ඇතුළු පිරිසකට අකුණු සැර වදී

Generic placeholder image

බෝට්ටුවකින් ගඟක් තරණය කර මනාලියගේ නිවසට යන අතරමගදී මනාලයා ඇතුළු පිරිසකට අකුණු සැර වැදී තිබෙනවා. එහිදී අකුණු සැර වැදීම් හේතුවෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තිබෙන බවයි පැවසෙන්නේ. බංග්ලාදේශයේ මංගල උත්සවයක් අතරතුර මෙම අනතුර සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post