ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 6ට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.ඒ කොටුව ජනාධිපති මන්දිරය දී. එහිදී උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇතිවේ. බස්නාහිරපළාතෙත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල සහ මුලතිවු දිස්ත්‍රික්කයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. බස්නාහිර, දකුණු, සබරගමුව සහමධ්‍යම පළාත්වල […]
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් හා සීදුව ප්‍රදේශය පිහිටි කුරියර් ආයතනයක දෛනික රාජකාරි කරන රේගු තක්සේරු නිලධාරීන් විසින් රේගු අවදානම් කළමනාකරණ ක්‍රියාවලිය යටතේ මත් ද්‍රව්‍ය අඩංගු යැයි සැකපිට පාර්සල් 5 නවතා පරික්ෂා කරන ලදී. නෙදර්ලන්තය හා ඇමරිකාව යන රටවලින් පාර්සල් ශ්‍රී ලංකාවේ පිලියන්දල , ඉංගිරිය ,මිනුවන්ගොඩ ,මාතර හා පොල්ගස්ඕවිට යන ප්‍රදේශවලට ව්‍යාජ ලිපින […]
අද ලැබුණු මොඩාර්නා එන්නත් මහනුවර ප්‍රදේශයේ ජනතාවගේ එන්නත්කරණය සඳහා යොදා ගැනීමට අපේක්ෂා කරන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කරනවා. මීට පෙර මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණ වැඩසටහන සඳහා යොදා ගත් ස්පුට්නික් එන්නත අඛණ්ඩව ලබාගැනීමේ ගැටලුවක් මතුව ඇති හෙයින් ඒ අනුව මොඩාර්නා එන්නත් මහනුවර ප්‍රදේශයේ ජනතාවගේ එන්නත්කරණයට යොදා ගැනෙන බවයි […]
ඉකුත්දා ගුරුවරුන් හා විදුහල්පතිවරුන් ආරම්භ කල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කරනවා. ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ ගැටලු විසදීමට අධ්‍යාපන බලධාරීන්ට අවශ්‍යතාවක් නොමැති බවත් ඒ සදහා ආණ්ඩුවේ කිසිදු පාර්ශ්වයක් මෙතෙක් සාකච්ඡා කර නොමැති බවයි.
කොවිඩ් ආසාදිතයින් 1,484 දෙනෙකු ඊයේ මෙරටින් වාර්තා වුණා. ඒ අනුව වැඩිම කොවිඩ් ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. එම ආසාදිතයින් සංඛ්‍යාව 318ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 195ක්, ගාල්ල 114ක්, අම්පාර 111ක් වශයෙන් ආසාදිතයින් වාර්තා වී තිබෙනවා. තවත් කොවිඩ් මරණ 50ක් තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,661 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ දිනයේත් රිය අනතුරුවලින් පුද්ගල මරණ 9ක් වාර්තා වී තිබෙනවා. ඉන් මරණ 8ක් යතුරුපැදි අනතුරු වනවා. වැඩි වන මාර්ග අනතුරු අවම කර ගැනීම සදහා වැඩ පිළිවෙලක් ඉදිරියේදී ක්‍රියත්මක කරන බව පොලීසිය සදහන් කරනවා.
දැනට පවතින සංචරණ සීමාවන් ලිහිල් කිරීම සදහා පහත ක්‍රියාකාරකම් ද 2021 ජූලි 16 වන අද සිට ක්‍රියාත්මක පරිදි ඇතුලත් කරනු ලැබේ.
කොවැක්ස් වැඩ සටහන යටතේ ඇමෙරිකාව විසින් පරිත්‍යාගයක් ලෙස මෙරටට මොඩර්නා එන්නත් ලක්ෂ 15ක් අද මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා. ඒ තුලින් මෙරට එන්නත්කරන වැඩසටහන තව දුරටත් වේගවත් වනු ඇති.
මරදාන පොලිස් ස්ථානයේ ගින්නක් හටගෙන තිබෙනවා. මේ වන විට ගින්න පාලනය කර ඇති අතර ඒ සදහා ගිනි නිවීමේ රථ 03 ක් යොදවා ඇති බව පැවසෙනවා.
අද උදෑසන 6 සිට තවත් ප්‍රදේශ 2ක හුදකලා බව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් සහ වවූනියාව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි […]