News Line| Off Air
Generic placeholder image

Dec
5

උසස් පෙළ සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන ඇරඹේ

Generic placeholder image

උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන ආරම්භ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. ඒ අනුව අ.පො.ස.(සා.පෙළ) විභාගය සඳහා 2021 (2022) වර්ෂයේ දී පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත, ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මගින් එම ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතය. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් […]


Dec
5

සුඛෝපභෝගී බස් රථයක් අනතුරකට පත්වීමෙන් 23 දෙනෙකුට තුවාල

Generic placeholder image

කොළඹ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් අද අළුයම 3:15 ට පමණ අනතුරට ලක් වී තිබෙනවා. ඒ කිලිනොච්චි මාර්ගයේ මාන්කුලම පොලීසිය ආසන්නයේදී මාර්ගය හරහා පෙරලීයෑමෙන්. එම අනතුරින් 23 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.


Dec
5

අද මි.මී 75 ට වැඩි තරමක තද වැසි

Generic placeholder image

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කීපයක් ඇතිවේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිරසහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මී 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ […]


Dec
1

උණවටුනේදී ත්‍රිරෝද රථයක් දුම්රියේ ගැටී දෙදෙනෙකු මරුට

Generic placeholder image

උණවටුණ මහරඹ දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් රජරට මැණිකේ දුම්රියේ ගැටීමෙන් විදේශීය කාන්තාවක ඇතුළු දෙදෙනකු මියගොස් තිබෙන බව හබරාදුව පොලිසිය පවසනවා. බෙලිඅත්තේ සිට අනුරාධපුරය බලා ධාවනය වූ එම දුම්රිය, ත්‍රිරෝද රථයේ ගැටී තිබෙන අතර ත්‍රිරෝද රථ රියදුරා සහ විදේශීය කාන්තාවක්ද එම අනතුරින් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.


Dec
1

සතොස භාණ්ඩ මිල පහළට

Generic placeholder image

ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල ගණන් තවදුරටත් පහත දමා තිබෙනවා. දිවයින පුරා ඇති සියලුම සතොස අලෙවිසැල් ජාලය හරහා මෙම සහනය මහජනතාවට ලබාගත හැකිය. එම මිල අඩුකිරීම අද සිට ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව රතු කැකුළු කිලෝ 01ක් රුපියල් 199කට, කීරි සම්බා කිලෝ 01ක් රුපියල් 225කට, බී ලූනු කිලෝ 01ක් රුපියල් 225කට, හාල්මැස්සන් කිලෝ 01ක් […]


Dec
1

ලෝක ඒඩ්ස් දිනය අද

Generic placeholder image

1980 දශකයේ එච් අයි වී ආසාදනය සහ ඒඩ්ස් රෝගය පිළිබද ලෝකයේ සොයා ගැනීමෙන් පසු 1988 වසරේ පමණ ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් වීමෙන් ලෝක ඒඩ්ස් දිනය ලෙස සෑම වසරකම දෙසැම්බර් පළමුවෙනිදා නම්කර ඇත. මෙහි ප්‍රධාන අරමුණ වනුයේ එච් අයි වී ආසාදිතයන් සහ එම ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ලෝකයේ අවධානය දිනාගැනීම සහ එච් අයි වී ආසාදිතයන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම […]


Nov
30

ගුරු මාරු ක්‍රමවේදය ගැන කියන අධ්‍යාපන ඇමති

Generic placeholder image

පොදුවේ රාජ්‍ය සේවකයන් මාරු කරන ක්‍රමවේදයට අනුව ගුරුවරුන් මාරු කළහොත් දරුවන්ට විෂය ආවරණය කිරීමේ ගැටලු මතු වන බැවින් සිසු අවශ්‍යතා කේන්ද්‍ර කරගනිමින් ගුරුවරුන් උචිත පරිදි ස්ථානගත කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි. මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ස්ථානගත කිරීම්, ගුරු සංගම් හා මාරු මණ්ඩල ගැටුම් ආදි පරිපාලනමය ගැටලු බොහෝමයක් ම […]


Nov
30

ළමුන් අතර උණ රෝගය පැතිර යයි

Generic placeholder image

මේ දිනවල කුඩා ළමුන් අතර පැතිරයන උණ රෝග තත්ත්වයක් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝ‍හලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ ලෙස උණ සමග කැස්ස, හෙම්බිරිස්සාව සහ සමහර පුද්ගලයින්ට වමනය ඇතිවිය හැකියි. මෙම රෝග ලක්ෂණ ඇති පිරිස් හැකිතාක් නිවසේ රැඳී සිටින ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. හදිසි අවස්ථාවකදී නිවසින් බැහැරට යනවා නම් මුව […]


Nov
30

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තුන්වන එක්දින තරඟය අද

Generic placeholder image

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර තුන්වන හා අවසන් එක්දින තරඟය අද (30) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව තරඟය අද පස්වරු 2.30 ට පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.


Nov
30

අද විදුලිය කැපෙන හැටි

Generic placeholder image

අද (30) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගිතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ​ඒ අනුව සියලු කලාප සඳහා විදුලි කප්පාදුව සවස් කාලයේ පැය 2 යි විනාඩි 20 ක්.


Nov
29

ඒ නවය ගත් සිසුවෙකුට ගිනි තියපු මහනුවර ඛේදවාචකය

Generic placeholder image

මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ඨ ලෙස සමත් වූ පාසල් සිසුවෙකුට ගිනි තබා බරපතල තුවාල සිදු කිරීමේ අමානුෂික පුවතක් අපට වාර්තා වුණා. ඒ මහනුවර අම්පිටිය පල්ලෙගම ප්‍රදේශයෙන්. මෙම සිසුවා මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සමර්ථ නමයක් ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ. එහි ප්‍රීතිය නිමිත්තෙන් ඥාති නිවසක සංවිධානය කර තිබූ තේ පැන් සංග්‍රහයකට සහභාගී වී නැවත තම […]


Nov
29

ලොව විශාලතම සක්‍රීය ගිනි කන්ද පුපුරා යයි

Generic placeholder image

හවායි හි පිහිටි ලොව විශාලතම සක්‍රීය ගිනිකන්ද වන මවුනා ලෝවා “Mauna Loa” ගිනි කන්ද පුපුරා ගොස් තිබෙනවා. වසර 40 කට පමණ පසු පළමු වරට මෙලෙස මෙම ගිනිකන්ද විධාරණය වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ගිනිකන්ද පිහිටි ප්‍රදේශය අවට සිට ජනතාවට අනතුරු අඟවා ඇති අතර අළුවැටීමේ අවදානමක් ඇති බවද දන්වා ඇත. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය […]


News Articles
Latest Videos
Most Popular Post