News Line| Off Air
Generic placeholder image

Jan
24

ආසාදිතයින් 838ක්

Generic placeholder image

ඊයේ (23) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 838ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව, මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 601,886ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Jan
24

දිවයින පුරා වියළි කාලගුණ තත්ත්වය තවදුරටත්

Generic placeholder image

දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියළි කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උදෑසන කාලයේ දී තරමක සීතල කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. හිමිදිරි උදෑසන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇතිවීමේ හැකියාවක් පවතිනවා . බස්නාහිර, මධ්‍යම, සබරගමුව, උතුරු-මැද සහ ඌව පළාත්වලත් කුරුණෑගල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන […]


Jan
22

ඩෙංගු රෝග ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක්

Generic placeholder image

ඩෙංගු රෝග ව්‍යාප්තියේ සීඝ්‍ර වර්ධනයක් මේ වන විට පෙන්නුම් කරනවා. ජනවාරි මාසයේ මේ දක්වා කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 5,500ක් පමණ වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමංකා පනිලහෙට්ටි මහත්මිය පැවසුවේ, එම රෝගීන්ගෙන් 60%ක් පමණ බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බවයි. ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ, පසුගිය වසරේ සැප්තැම්බර් […]


Jan
22

උණ රෝගී තත්ත්වයක් ඇති නම් වහා ප්‍රතිකාර ගන්න – මහාචාර්ය චන්න ජයසුමන

Generic placeholder image

උණ රෝගී තත්ත්වයක් ඇති නම් වහා ප්‍රතිකාර ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වැඩි දුරටත් අදහස් දැක වූ ඒ මහතා, “පහුගිය සතියක පමණ කාලයේ අපට පේනවා රෝගීන් ප්‍රමාණයේ වැඩිවීමක් වෙනවා. ඒ වගේම ඔක්සිජන් මත යැපෙන රෝගීන් ප්‍රමාණයේ යම්කිසි වැඩිවීමක් තියනවා. දැඩිසත්කාර ඒකකවලට ඇතුළුවන රෝගීන්ගේ වැඩිවීමක් තිබෙනවා. ඒ නිසා මේ සම්බන්දයෙන් […]


Jan
22

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අවසන්

Generic placeholder image

2021 වර්ෂයට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (22) පැවැත්වුණා. මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් 340,508ක් බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පැවසුවා. විභාග මධ්‍යස්ථාන 2,943ක දී ශිෂ්‍යත්ව විභාගය පැවති අතර විශේෂ මධ්‍යස්ථාන 108ක් ස්ථාපිත කර තිබුණා. කිසිම දරුවකුට අසාධාරණයක් නොවන පරිදි කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ වුවද විභාගය පැවැත්වීමට කටයුතු කළ බවයි […]


Jan
21

ආසාදිතයින් 827ක්

Generic placeholder image

ඊයේ (20) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 827ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 599,363ක් දක්වා ඉහළ ගොස් තිබේ.


Jan
20

කොවිඩ් ආසාදනය වූ විභාග අපේක්ෂකයින්ට නව වැඩපිළිවෙලක්

Generic placeholder image

කොවිඩ් ආසාදිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට අවශ්‍ය සියලු පහසුකම් මේ වනවිට සපයා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.


Jan
20

අදත් විදුලි කප්පාදුවක් – විදුලි ඉංජිනේරුවන් කියයි

Generic placeholder image

වරායේ තිබූ නෞකාවක ඉන්ධන නිදහස් කර ගැනීමට ඩොලර් ලැබීමත් සමග, ලංකා විදුලි බල මණ්ඩලය වෙත ඩීසල් මෙට්‍රික් ටොන් 10,000 ක් ලබා දීම ඊයේ ආරම්භ වුණා. මේ අතර කැළණිතිස්ස විදුලි බලාගාරය යථා තත්ත්වයට පත්වෙමින් පැවතියත් අද දිනයේ ද පස්වරු කාලයේ විදුලි කප්පාදුවක් සිදු කිරීමට සිදුවන බවයි විදුලි ඉන්ජිනේරුවන් පවසන්නේ.


Jan
20

ICC T20 කණ්ඩායමට වනිඳුත් නම් කරයි

Generic placeholder image

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ පන්දුවාර විස්ස ක්‍රිකට් කණ්ඩායම නම් කර තිබෙනවා. ක්‍රීඩකයින් 11දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග ද ඇතුළත්ව තිබෙනවා. එම කණ්ඩායමේ නායකත්වය පාකිස්ථානයේ බාබර් අසාම්ට හිමිව තිබේ. කඩුළු රකින ස්ථානය හිමිව ඇත්තේ මොහොමඩ් රිස්වාන් හටයි. මෙහි විශේෂත්වය වන්නේ කිසිදු ඉන්දීය ක්‍රීඩකයෙකු හෝ එම කණ්ඩායමට […]


Jan
20

වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

ඌව පළාතෙත් හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයිනේ සෙසු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී. බස්නාහිර, වයඹ, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මිදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු වියහැකිය.


Jan
19

ලොව වයස්ගතම පුද්ගලයා මිය යයි

Generic placeholder image

ජීවතුන් අතර සිටි ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකුණු ස්පාඤ්ඤ ජාතික සැටර්නියෝ ෆුඑන්ටේ ගාර්ෂියා මිය ගොස් තිබෙනවා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 112යි දින 341 ක් බවයි ගිනස් වාර්තා සඳහන් කළේ. වර්ෂ 1909 පෙබරවාරි මස 11 වැනිදා උපත ලබා ඇති ඔහුට දරුවන් හත්දෙනෙකු සහ මුණුපුරන් 14 දෙනෙකු සිටිනවා.


Jan
19

වසංගතය ලෝකයෙන් තුරන් වීම පෙනෙන තෙක් මානයක නැහැ – ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී අනතුරු අඟවයි

Generic placeholder image

කොවිඩ් වසංගතය පිලිබඳව මෙම වසරේ පළමු දින ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අලුත් අවුරුදු සුබ පැතුම බලාපොරොත්තු සහගත පණිවිඩයක් නිකුත් කළා. ඒ 2022 වසර වසංගතයේ අවසානය සනිටුහන් කළ හැකිය යන්නයි. එන්නත් බෙදී යාමේ විෂමතාවය අමව කර ගැනීමෙන් එම ඉලක්කයට සමස්ත ලෝකයටම ලඟා විය හැකි බවටයි ටෙඩ්‍රෝස් ඇඩ්නම් ප්‍රකාශ කර සිටියේ. නමුත් මේ වන විට අමෙරිකාව, ජපානය, […]


News Articles
Latest Videos
Most Popular Post