News Line| Off Air
Generic placeholder image

Dec
27

ඔමික්‍රෝන් පැතිරීම නිසා රටවල් රැසක් ගුවන් ගමන් අවලංගු කෙරේ

Generic placeholder image

නව ඔමික්‍රෝන් වෛරසය පැතිරීම හේතුවෙන් ලොව පුරා ගුවන් ගමන් රැසක් අවලංගු කර ඇති බව වාර්තා වනවා. මේ වන විට එක්සත් ජනපදයේ පමණක් ගුවන් ගමන් දහසකට අධික සංඛ්‍යාවක් අවලංගු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. නත්තල් නිවාඩුවත් සමඟ ඇති වූ මෙම තත්ත්වය හේතුවෙන් බොහෝ මගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


Dec
27

මේ දිනවල ජපානයේ දැඩි හිම පතනයක්

Generic placeholder image

මේ දිනවල ජපානයේ දැඩි හිම පතනයක් පවතින බවට වාර්තා වනවා. මේ හේතුවෙන් අත්‍යවශ්‍ය කරුණකට හැර නිවසින් පිටවීමෙන් වළකින ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. හිම පතනය වෙරළ ආශ්‍රිතව පුළුල් පරාසයක පැතිර ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එසේ ම සුළඟේ වේගය වැඩි වීමක් ද අපේක්ෂා කරන බවයි බලධාරීන් පවසන්නේ. අධික හිම පතනය හේතුවෙන් හිම කුණාටු ඇති වීමේ […]


Dec
27

වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව,මධ්‍යම, දකුණු සහඌව පළාත්වල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.


Dec
27

අගරදගුරු ඩෙස්මන් ටුටු පියතුමන් ස්වර්ගස්ත වෙයි

Generic placeholder image

නොබෙල් සාම ත්‍යාගලාභී දකුණු අප්‍රිකාවේ අගරදගුරු ඩෙස්මන් ටුටු හිමිපාණන් ස්වර්ගස්ථ වී තිබෙනවා. දකුණු අප්‍රිකාව තුළ මෙන්ම ලොව පුරා වර්ණ භේදයට එරෙහිව එතුමන් විශාල හඬක් නගනු ලැබුවා. කලක් පිළිකා රෝගයකින් පීඩා විඳිමින් සිටි උන්වහන්සේ අවුරුදු 90ක් ආයු වළඳා ස්වර්ගස්ත වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


Dec
26

සුනාමි ව්‍යසනය සිදු වී අදට වසර 17 යි

Generic placeholder image

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ අමිහිරිම සිදුවීමක් වාර්තා වී අදට වසර 17 ක් සම්පූර්ණ වනවා. ජීවිත දහස් ගණනක් බිලි වූ සුනාමි ව්‍යසනය 2004 වසරේ දෙසැම්බර් 26 වනදා සිදු වූයේ ලෝකවාසීන්ම දැඩි කම්පනයකට ලක්කරමින්. ඉන්දීය සාගරයේ සුමාත්‍රා දූපත ආශ්‍රිතව රිච්ටර් පරිමාණ 9.3ක භූ කම්පනයක් සිදුවීමත් සමග උදම් රළ දිවයිනට ඇතුළුවුණා. එම ව්‍යසනයෙන් අපේ රටේ අහිමි වූ ජීවිත සංඛ්‍යාව […]


Dec
26

බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණ තත්ත්වයක්

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. හිමිදිරි උදෑසන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතියි. දිවයිනේ, බොහෝ ප්‍රදේශවල රාත්‍රී සහ අලුයම කාලවල දී තරමක ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු-මැද, දකුණු සහඌව පළාත්වල උදෑසන කාලයේ දී මීදුම් […]


Dec
24

ලෝකය පුරා ඔමික්‍රෝන් වැළඳුණ රෝගීන් රෝහල් ගත වීමේ අවදානම අඩුයි

Generic placeholder image

ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබදව අද ලෝකය පුරා පැවැති බිය අඩුවෙමින් පවතිනවා. ඔමික්‍රෝන් වේගයෙන් ව්‍යාප්ත වුණත් රෝහල් ගත වීමේ අවශ්‍යතාවය ඉතා සීඝ්‍රයෙන් පහත වැටී තිබෙනවා. දැනට ලෝකය පුරා දත්ත සැලකීමේ දී ඔමික්‍රෝන් වැළඳීමෙන් රෝහල්ගත වන සංඛ්‍යාව වන්නේ 30%ක් පමණයි. අසාධ්‍ය තත්ත්වයට පත්වන රෝගීන්ගේ සංඛ්‍යාව ඉතා අවම මට්ටමකයි පවතින්නේ. දැනට සියලුම එන්නත් ඔමික්‍රෝන් සඳහා ක්‍රියාකරමින් තිබෙන බව මේ […]


Dec
24

වෛද්‍ය වර්ජනය සිව්වන දිනටත් – රෝගීන් අදත් අපහසුතාවයට

Generic placeholder image

රජයේ වෛද්‍ය නිලධාරින් ආරම්භ කර ඇති වර්ජනය නිසා අදත් රෝගීන් අපහසුතාවයට පත් වුණා. මේ අතර වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කරන්නේ නම් සියලුම වෘත්තීය සමිති කැඳවා රජය සාකච්ඡා කළ යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්‍රකාශ කළේ.


Dec
24

දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනයේ – ප්‍රවේශ පත්‍ර නැතිව දුම්රියේ යාමට අවස්ථාව

Generic placeholder image

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කළා. ඒ සිය ගැටලුවලට විසඳුම් ලැබුණේ නැති නිසයි. මේ හේතුවෙන් සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ රාජකාරීවලින් ඉවත් වීමටයි ඔවුන් තීරණය කලේ. ඒ අනුව මගී ජනතාවට ප්‍රවේශ පත්‍ර නැතිව දුම්රියේ ගමන් කිරීමට අද අවස්ථාව උදා වුණා.


Dec
24

LPL කුසලානය ජැෆ්නා කිංග්ස් ට

Generic placeholder image

පිට පිට දෙවැනි වරටත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයන් ලෙස කිරුළ පැලඳීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ (23) සමත් වුණා. ඒ, ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ලකුණු 23කින් පරාජයට පත් කරමින්. ක්‍රීඩා, තරුණ කටයුතු සහ සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ ඇමැති නාමල් රාජපක්ෂ සහ රාජ්‍ය ඇමැති ඩී.වි. චානක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් තරගාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය පැවැත්වුණා.


Dec
24

බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක්

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද උදෑසන නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල මල්තුහින තත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බව ද අදාළ නිවේදනයේ සඳහන් වනවා. එසේම ඉදිරි දින කිහිපයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල රාත්‍රී සහ අලුයම කාලවල දී තරමක ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරනු ලබන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් […]


Dec
23

නව ප්‍රහාරක ජෙට් යානාවක් සඳහා එන්ජිම වැඩි දියුණු කිරීමට ජපානය සහ බ්‍රිතාන්‍ය ලබන මාසයේ ඒකාබද්ධ අධ්‍යනයක්

Generic placeholder image

F2 ගුවන්යානය වෙනුවට නව ප්‍රහාරක ජෙට් යානාවක් සඳහා එන්ජිම වැඩි දියුණු කිරීමට ජපානය සහ බ්‍රිතාන්‍ය ලබන මාසයේ ඒකාබද්ධ අධ්‍යනයක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. F2 ගුවන්යානය යනු ජපාන ගුවන් ස්වයං ආරක්ෂක බලකායට අයත් ගුවන්යානයක්. මෙම නව ප්‍රහාරක ජෙට් යානය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට මුලිකත්වය ජපාන ආරක්ෂක අමාත්‍යංශය සැලසුම් කර ඇත්තේ. එම ජපන් සමගම සහ බ්‍රිතාන්‍යයේ සමාගමක් එක්ව […]


News Articles
Latest Videos
Most Popular Post