News Line| Off Air
Generic placeholder image

Feb
24

ඊයේ දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 03ක් – සමස්ත ආසාදිතයින් ගණන 81,000 ඉක්මවයි

Generic placeholder image

ඊයේ දිනයේ මෙරටින් ආසාදිතයින් 492 දෙදෙනෙකු හදුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 81,000 ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම ඊයේ දිනය තුල ආසාදිතයින් 732 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර ඒ අනුව මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 75,842 ක් ලෙසයි. මේ අතර ඊයේ දිනය තුල කොරෝනා මරණ තුනක් වාර්තා වී ඇති අතර […]


Feb
24

දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට තරමක තද වැසි

Generic placeholder image

බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සබරගමුව පළාතෙත්කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසිද ඇති විය හැක. මධ්‍යම, සබරගමුව,ඌවසහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත […]


Feb
23

වාස්ගේ ඉල්ලා අස්වීම ගැන ක්‍රීඩා ඇමති නාමල්ගෙන් පාර්ලිමේන්තුවේදී සැර ප්‍රකාශයක්

Generic placeholder image

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පිටත්ව යෑමට පැය කිහිපයක් තිබියදී පුහුණුකාරධුරයෙන් චමින්ද වාස් මහතා ඉල්ලා අස්වීම පිලිබදව තමන් පෞද්ගලිකවම කණගාටුවන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සදහන් කරනවා. ක්‍රීඩකයින්ගේ මෙන්ම පාලක මණ්ඩලයේ, පරිපාලනයේ මෙන්ම පුහුණුකරුවන් ද විනය පිලිබදව සැලකිලිමත් විය යුතු බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ.


Feb
23

පාස්කු කොමිසමේ වාර්තාව කථානායකට

Generic placeholder image

පාස්කු ඉරුදින ප්‍රහාර මලාව පිළිබඳ විමර්ශන සිදුකළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව මේ වනවිට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදී තිබෙනවා.


Feb
23

ජනපති සහ අගමැතිටත් කොවිඩ් එන්නත ලබාදෙයි

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොවිඩ් එන්නත ලබා ගත් බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කරනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර තිබෙනවා.


Feb
23

ටවුන් හෝල් ප්‍රදේශයේ රථවාහන තදබදයක්

Generic placeholder image

ටවුන් හෝල් ප්‍රදේශයේ විරෝධතාවයක් හේතුවෙන් රථවාහන තදබදයක් ඇති ව තිබෙන බව වාර්තා වෙනවා.


Feb
23

14 හැවිරිදි පිරිමි දරුවෙකු ලිංගික අපයෝජනය කළ 50 හැවිරිදි පුද්ගලයෙකු රක්ෂිත බන්ධනාගාරයට

Generic placeholder image

වයස අවුරදු 14 පිරිමි දරුවෙකු ලිංගික අපයෝජනයට ලක් කල බව කියන 50 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ මාර්තු මස තුන්වෙනි දින දක්වායි. සිය දරුවාට ලිංගික අපයෝජනය කර ඇති බවට දරුවාගේ දෙමව්පියන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි මෙලෙස ඔහුව අත් අඩංගුවට ගෙන ඇත්තේ. අපයෝජනයට ලක්ව ඇති දරුවා වෛද්‍ය පරීක්ෂනයක් ලබා […]


Feb
23

කොදෙව් සංචාරය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගාවලිය සඳහා අද (23) අලුයම කටුනායක ගුවන් තොටුපොළින් පිටත්ව ගොස් තිබෙනවා. .කටාර් රාජ්‍යයේ දෝහා වෙතගොස් ඉන් පසු වෙනත් ගුවන් යානයකින් බටහිර ඉන්දීය කොදෙව් දූපත් වෙත ළඟාවීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එම තරග සංචාරයේ තරග 3කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා […]


Feb
23

පොලිසීයට ත්‍රිරෝද රථ 2000ක්

Generic placeholder image

ශ්‍රී ලංකා පොලිසිය සඳහා ඔවුන්ගේ රාජකාරි කටයුතු සිදුකරගෙන යාමට අවශ්‍ය වාහන නොමැති වීම නිසා මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් ත්‍රිරෝද රථ 2000ක් මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.


Feb
23

ඉම්රාන් ඛාන් පැමිණෙන ගුවන්යානයට ඉන්දීය ගුවන් අවකාශය භාවිත කිරීමට එරටින් අවසර

Generic placeholder image

දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට අද දිනයේ පැමිණෙන පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් රැගත් ගුවන් යානයට ඉන්දීය ගුවන් අවකාශය භාවිත කිරීම සඳහා එරටින් අවසර ලබා දී තිබෙනවා.


Feb
23

TikTok හරහා ත්‍රස්ත සංවිධානයක් ප්‍රවර්ධනය කළ අයෙකු අල්ලයි

Generic placeholder image

අන්තර්ජාලය ඔස්සේ LTTE සංවිධානය පිළිබඳ සහ ප්‍රභාකරන්ගේ ඡායාරූප ඇතුළත් විවිධ කරුණු පළ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු පොලිස් ත්‍රස්ත විමර්ෂණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල සැකකරු 25 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ටික්ටොක් නැමැති සමාජ මාධ්‍ය යෙදවුම හරහා LTTE සංවිධානය ප්‍රවර්ධනය කරන ප්‍රවෘත්ති පළකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සදහන් […]


Feb
23

පාකිස්තාන අගමැති අද දිවයිනට

Generic placeholder image

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. මෙහිදී නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබෙන අතර ඉන් අනතුරුව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා හෙට (24) මෙරට පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post