News Line| Off Air| Games
Generic placeholder image

Mar
25

රන් මිල තවත් ඉහළට

Generic placeholder image

මෙරට රන් වෙළඳපොලේ මිළ ගණන් නැවතත් සිඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. අද දිනය වන විට කොළඹ හෙට්ටිවීදියේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 167,000ක් සහ කැරට් 22 රන් පවුමක මිල වාර්තා වන්නේ 154,500ක් ලෙසයි.


Mar
24

ලෝක ක්ෂය රෝග දිනය ‍අද

Generic placeholder image

“වසර 2035 වන විට ශ්‍රී ලංකාව ක්ෂය රෝගයෙන් තොර රටක් බවට පත් කිරීම සඳහා සැම අත්වැල් බැඳ ගනිමු “ ලෝක ක්ෂය රෝග දිනය 2022 මාර්තු මස 24 දිනට යෙදී ඇත. ක්ෂය රෝගය යනු රෝග කාරක බැක්ටීරියාවකින් බෝවන ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගයකි. රෝගියෙකු කසින විට පිටවන බිඳිති මගින් බෝවන මෙය පෙනහළු ආශ්‍රිතව ඇති වුවද මෙම බැක්ටීරියාවට […]


Mar
22

වසරේ විශිෂ්ටතම ගුවන් විදුලි නිවේදක සම්මානය මෙවරත් සියත FM අරවින්ද ලොකුගේ මහතාට

Generic placeholder image

සියත FM උපදේශක අරවින්ද ලොකුගේ මහතා අඛණ්ඩව 7 වන වරටත් වසරේ විශිෂ්ටතම රේඩියෝ නිවේදකයා ලෙස SLIM – Kantar ජනතා සම්මානයෙන් පිදුම් ලබා ඇත. ඔබට Voice of Asia මාධ්‍ය ජාලයේ උණුසුම් සුබ පැතුම්!


Mar
22

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Generic placeholder image

ඒ අනුව P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පෙරවරු 09.00 සිට සවස 05.00 දක්වා වේලාව තුළ පැය දෙකයි විනාඩි 40 ක කාලයක් සහ සවස 5.00 සිට රාත්‍රී 09.00 දක්වා කාලය තුළ පැයක කාලයක් විදුලිය කප්පාදු කිරිමට නියමිතයි. මේ අතර A,B,C,D,E,F,G,H,I,J,K,L යන සෙසු කලාප සඳහා උදෑසන 8.00 සිට පස්වරු 6.00 දක්වා කාලය තුළ පැය 3 යි විනාඩි 20 […]


Mar
14

සුමාත්‍රා ආසන්නයේ භූ කම්පනයක්

Generic placeholder image

ඉන්දුනීසියාවේ සූමාත්‍රා ආසන්නයේ රිච්ටර් මාපක ඒකක 6.8 ක ප්‍රබල භූ කම්පනයක් හටගෙන ඇත. කෙසේ වෙතත් එම භූ චලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.


Mar
10

නැදුන්ගමුවේ රාජා

Generic placeholder image

අපේ රටේ අලි ඇතුන්ගේ ඉතිහාසය ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිව යනවා. එකල කන්ද උඩරට සෑම ප්‍රභූවරයෙකුට ම අලි ඇතුන් කිහිප දෙනෙකුම සිටි බව වාර්තා වනවා. ගරු ගාම්භීරත්වය වගේම නම්බුකාරකමේත් සංකේතයක් ලෙස ඉතිහාසයේ ඉදන් ම අලි ඇතුන් හඳුන්වන්නට පුළුවන්. විචිත‍්‍ර වූ දළදා පූජාවන් අතරින් ඇසළ පෙරහැර මංගල්‍යය හෙළයේ මහා කලා මංගල්‍යයක් ලෙසින් පිළිගැනෙනවා. අලි ඇතුන් සියයක් […]


Mar
10

අද විදුලි කප්පාදුව සිදුවන ආකාරය

Generic placeholder image

අද (10) දිනයේත් විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. ඒ අනුව උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා A,B,C,D,E,F,G,H,I,J,K,L කලාප සඳහා පැය 2 යි විනාඩි 30 ක විදුලිය කප්පාදුවක් හා සවස 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ පැය 1 යි විනාඩි 15 ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි. මේ අතර […]


Mar
8

ලෝක කාන්තා දිනය අදයි

Generic placeholder image

ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබෙනවා. මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව වන්නේ රටකි, දැයකි, ලොවකි, ඇය’ යන්නයි. ජාත්‍යන්තර කාන්තා දිනයේ ආරම්භය 1908 වර්ෂයේ සිදුවූයේ කාන්තාවන් 15,000ක් විසින් තමන් වැඩ කරන පැය ගණන කෙටි කරන ලෙසටත්, වඩා හොඳ වැටුප් දෙන ලෙසටත්, ඡන්ද අයිතිය දෙන ලෙසටත් ඉල්ලමින් නිව්යෝර්ක් නගරයේ පැවැත්වූ පාගමනක් හේතුවෙනි.


Mar
7

නැදුන්ගමුවේ රාජා හස්තියා මියයයි

Generic placeholder image

දළදා මාළිගාවේ කරඬුව වැඩම කරවූ නැදුන්ගමුවේ රාජා හස්තියා අද(07) මියගොස් ඇත. මිය යන විට රාජා හස්තියාගේ වයස අවුරුදු 69කි. නඳුන්ගමුවේ රාජා සැලකෙන්නේ ආසියාවේ විශාලතම හීලෑ හස්තියා ලෙසයි.


Mar
3

ලෝක වනජීවී දිනය අදයි

Generic placeholder image

ලෝක වනජීවී දිනය (World Wildlife Day) මාර්තු 03 දින එනම් අද දිනට යෙදී තිබේ. ලෝකයේ වන සතුන් සහ ශාක පිළිබඳ සැමරීම සහ දැනුවත් කිරීම සඳහා මෙම දිනය වෙන් කර ඇති අතර, පසුගිය දශකය තුළ ලෝකයේ වනජීවී සංඛ්‍යාව සහ තිරසාර බව සැලකිය යුතු ලෙස අඩු වී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරන පරිදි “ලෝක වනජීවී දිනය […]


Mar
2

යුක්‍රේනයේ තවත් ප්‍රධාන නගරයක් රුසියාව යටතට

Generic placeholder image

රුසියානු යුක්‍රේන අර්බුදය විසදීමට චීනය මැදිහත් වීමට සුදානම් වෙනවා. චීන විදේශ අමාත්‍යංශ මාධ්‍ය ප්‍රකාශක පවසන්නේ වහාම දේශපාලන විසදුමකට යා යුතු බවයි. මේ අතර අමෙරිකාව රුසියානු ගුවන් යානාවලට තම අහස තහනම් කිරීමට තීරණය කර තිබෙනවා. අද අමෙරිකානු මන්ත්‍රීවරුන් නිල් සහ කහ වර්ණයෙන් සැරසී යුක්‍රේනයට සහය පළකරමින් පාර්ලිමේන්තුවට ආවා. රුසියාව යුක්‍රේනයේ කෙර්සන් නගරයේ බලය අල්ලාගෙන ඇතැයි වාර්තා […]


Feb
28

හෙට විදුලිය කප්පාදු කරන්නේ මෙහෙමයි

Generic placeholder image

සියලුම කාණ්ඩ සඳහා හෙට (01) පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා පැය 3 ක විදුලිය විසන්ධි කිරීමක් සිදු කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් අවසර ඉල්ලා ඇත. එසේම විදුලි ඉල්ලුම වැඩි වුවහොත් රාත්‍රී කාලයේදී තවත් මිනිත්තු 30ක සැලසුම් නොකළ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවද එම කොමිසම පවසයි.


News Articles
Latest Videos
Most Popular Post