News Line| Off Air| Games
Generic placeholder image

Apr
9

නිරෝධායන මගහැර සිටි පුද්ගලයින් 23 දෙනෙකු අත්අඩංගුවට

1084 Views


නිරෝධායන මගහැර සිටි පුද්ගලයින් 23 දෙනෙකු අත්අඩංගුවට

ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ ස්වයං නිරෝධායනට ලක් කර සිටි පුද්ගලයින් 23 දෙනෙකු එම නිරෝධායන කටයුතු මග හැර හැසිරෙමින් සිටීම හේතුවෙන් අද(09) නාවික හමුදා බුද්ධි මෙහෙයුමකින් අත්අඩංගුවට ගැනීම‍ට සමත් වුණා.

ජා ඇල සුදුවැල්ල ග්‍රාමයේ පදංචි නිලන්තම්බි ප්‍රසාද් දිනේෂ් නම් කුලී රථ රියදුරෙකු පහරදීමක් සම්බන්ධයෙන් පසුගිය දිනෙක පොලීසිය මැදිහත් වීමෙන් රෝහල් ගත කර ඇති අතර, පසුව ඔහු හට කෙරෝනා වෛරසය ආසාදිත රෝග ලක්‍ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් සිදු කල පරීක්‍ෂණ වලදී ඔහු වෛරසය ආසාධිතයෙකු බවට තහවුරු කරගෙන තිබෙනවා.

පසුව ඔහු සෘජුවම සම්බන්ධකම් පවත්වන ලද පුද්ගලයින් 23 දෙනෙකු හට ජාඇල මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කාර්යාලය මගින් ඔවුන්ගේ වාසස්ථාන තුලම ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම් දුන් බව සදහන්.

නමුත් මතට ඇබ්බැහි වූ මෙම පිරිස ස්වයං නිරෝධායන නීති රීති කඩ කරමින් ප්‍රදේශයේ සැරි සරන බවට තොරතුරු ලැබී තිබෙනවා.

ආරක්‍ෂක අංශ මග හරිමින් සිටි මෙම පිරිස සොයා බටහිර නාවික විධානය මගින් විශේෂ බුද්ධි මෙහෙයුමක් දියත් කර මෙම පුද්ගලයින් 23 දෙනා නාවික හමුදා භාරයට ගැනීමට සමත් වුණා.

මේ වන විට මෙම පුද්ගලයින් ජා ඇල ආවේ මරියා දේවස්ථානයේ නාවික හමුදා භාරයේ තබා ඇති අතර, පවතින තත්වය හමුවේ ප්‍රදේශවාසීන්ගේ ආරක්‍ෂාව සහ සෞඛ්‍යමය හේතූන් මත ඔලුවිල් පුදේශයේ ස්ථාපිත සියළු පහසුකම් වලින් සමන්විත නාවික හමුදා නිරෝදායන මධ්‍යස්ථානය වෙත ගෙන යාමට නියමිතයි.

මේ සඳහා ජා ඇල මරදමඩු දේවස්ථානයේ ප්‍රධාන පූජකතුමා සහ ජා ඇල පොලීසියත් ජා ඇල දිසා වෛද්‍ය අංශයේ නිලධාරීනුත් සහාය ලබා දුන් බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post