ඓතිහාසික ස්ථානයන් සංරක්ෂණය කිරීම රැකගැනීම අනාගත පරපුරේ පරම යුතුකමක් ලෙස සැලකෙනවා. එසේ නමුදු අද වන විට එම ස්ථානයන් පිලිබදව සොයා බැලීමට ඒ ගැන කතා කිරීමට වත්මන් පරපුර යොමුවන්නේ ඉතා ස්වල්ප වශයෙනි. විශේෂයෙන්ම එම ඓතිහාසික ස්ථානයන් රැකගැනීම උදෙසා බලධාරීන් ක්‍රියා කරන්නේ ද වගකීම් විරහිත ස්වරූපයකිනි. ඒ අනුව හැම දෙනාම කතා කල යුතු සොයා බැලිය යුතු එවන් ඓතිහාසික ස්ථානයක් අද වන විට විනාශ වෙමින් පවතිනවා. ඒ 2 වන බුවනෙකබාහු රාජ සමයේ ඉදිකළ කුරුණෑගල යුගයට අයත් මගුල් මණ්ඩපය කඩා ඉවත් කිරීමට පසු ගියදා තීරණය කිරීමත් සමගයි. ඒ කුරුණෑගල පවතින වාහන තදබදය අවම කිරීමේ අරමුණෙන් මං තීරු පුළුල් කිරීම උදෙසායි. කෙසේ වෙතත් මේ වන විට එම ස්ථානයේ පවතින පුරාවිද්‍යාත්මක වටිනාකම බලධාරීන්ගේ අවදානය යොමුව තිබෙන බවයි වාර්තා වන්නේ. මේ ඒ පිලිබදව සටහනක් …….
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න –Click Here