News Line| Off Air| Games
Generic placeholder image

Sep
16

අංශභාගය රෝගය කලින් හදුනා ගත හැකි ක්‍රමයක්

5371 Views


අංශභාගය රෝගය කලින් හදුනා ගත හැකි ක්‍රමයක්

අද ලෝකයේ ලෙඩ රෝග වලින් පීඩා නොවිදින පුද්ගලයින් නැති තරම්ය.. කුමන හෝ රෝගයකින් අප සෑම දෙනාම පිඩා විදිනු ලබනවා. අද අප කතා කරන්න යන්නේ කව්රුත් දන්න රෝගයක් ගැනයි.. එම රෝගයෙන් අත් මිදීමට හෝ එම තත්වය පිලිබදව දැනුවත් වීම ඔබට වැදගත් වෙයි.

අංශභාගය තත්වය ගැනයි අද අපි කතා කරන්නේ.. යම් පුද්ගලයකු අංශභාගය රෝගයට ගොදුරුවනවා යනු රෝගියා පමණක්ම නොව එය මුළු පවුලේම කඩාවැටීමක් වන අතර එපමණක්ද නොව රෝගියාගේ සිතෙහිද නිරතුරුවම පවතින්නේද කනස්සල්ලකි. ජීවිතය ගැන කලකිරීමකි. මෙය සුවකරගත හැකි රෝගයක් බැවින් වඩාත් වැදගත් වන්නේ එවැනි රෝගයක් හටගැනීමට ඇති තත්ත්වයන් වළක්වා ගැනීමයි.

අංශභාගය රෝගය යනු මොළයේ මස්තිස්කයේ පවතින රුධිර වාහිනියක් තුළ මේද තැන්පතු තැන්පත් වී රුධිර කැටියක් මගින් එම ස්ථානය අවරෝධනය වීම (Ischaemic Stroke) හෝ රුධිර වාහීනී තුළ මේද තැන්පතු තැන්පත් වී වැඩි රුධිර පීඩනයක් නිසා රුධිර වාහිනී පුපුරා යාමයි. ඒ අනුව මෙලෙස සෛල පුපුරා යෑම නිසා එලෙස මස්තිස්කයේ සෛල මියයාම සිදුවීමට අදාල මස්තිස්ක අර්ධ ගෝලය මගින් පාලනය වන දේහයේ ප්‍රදේශය අඩපන වීමකට ලක්වේ. මෙසේ ආඝාතය රෝගය නිසා ශරීරයේ කිසියම් හෝ ප්‍රදේශයක් අඩපණ වීමේ තත්වය අංශභාගය / පක්ෂාඝාතය ( Paralysis ) ලෙසට හදුන්වයි.

මෙම රෝගී තත්වය ඇතිවීමට බලපාන සාධක ලෙස මිනිසාගේ අයහපත් චර්යා රටාවන් හේතු වන අතර මේ අතර සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර රටාවන්,සක්‍රිය හෝ අක්‍රිය දුම්පානය ,අධික වශයෙන් මද්‍යසාර භාවිතය, ක්‍රියාශීලි නොවන දිවි පෙවෙතක් ගත කිරීම, එමෙන්ම දිගු කාලින රෝගී තත්වයන් අධික රුධිර පීඩනය ,දියවැඩියාව,රුධිරයේ අධික කොලෙස්ටරෝල් මට්ටම, හෘදය ආශ්‍රිත රෝග සදහන් කල හැකිය.

මේ අනුව මෙම රෝගී තත්වයේ ලක්ෂණ වන්නේ බොහෝ විට තද බල ලෙස පවතින හිස රුදාව, කතාව පැටලිලි සහගත, ගොතය හෝ කතා කිරීමට නොහැකි වීම.කට එක් පැත්තකට යාම. ශරීරයේ යම් කොටසක් හිරි වැටීම හෝ අත පය අසාමාන්‍ය ඉරියව්වකට පත්වීම.පෙනුමට බාධාවීම හෝ තාවකාලිකව අන්ධභාවයකට පත්වීම. ඇවිදීමට අපහසු වීම සහ ශරීරයේ සමබරතාවය නැතිවී යාම අඩිය සදහන් කල හැකිය. ඇතැම් අවස්ථා වලදී ඉහත රෝග ලක්ෂණ ඇතිවී කෙටි කාලයක් තුළ ඉබේම නැති වී යා හැකි අතර එය ඉතා භායනක තත්වයක් වන අතර එසේ වුවද රෝගියා හැකි ඉක්මනින් රෝහලක් වෙත රැගෙන යාම අවශ්‍ය වෙනවා. මන්ද එය බොහෝ විට මෙම රෝගී තත්වයේ පුර්ව රෝගී ලක්ෂණ වන්නට පුළුවන් නිසා.

අංශභාගය තත්වක් ඇතිවී ඇත්දැයි නිවැරදිව හා ක්ෂණිකව හදුනාගත හැකි සරල ක්‍රියාවලියක් පවතී. එය FAST ලෙසට හදුන්වයි. එහිදී සිදු කරන්නේ
F = රෝගියාගේ මුහුණ පරීක්ෂා කරන්න, එහිදී කට එක් පැත්තකට ඇද වී ඇත් දැයි බලන්න .A = රෝගියාගේ අත දිගු කරන්නැයි පවසන්න, ඔහුට අත ඒ ආකාරයටම යම් කාළයක් පවත්වා ගත හැකි දැයි බලන්න .මෙය අත් දෙකටම සිදුකරන්න.S = Speech
රෝගියා සමග කතාකරන්න. එහිදී රෝගියාට කිසියම් හෝ කතා කිරීමේ අපහසුතාවයක්, ගොතගැසීමක් හෝ කතා කිරීමේදී වචන පැටලීමක් පවතී දැයි බලන්න .T = Timeඉහත ලක්ෂණ වලින් එක් හෝ ලක්ෂණයක් රෝගියා තුළින් පෙන්නුම් කරයි නම් ඔහු නොපමාව රෝහල් ගත කිරීම අවශ්‍ය වෙනවා.. රෝගියා තුළින් පෙර සදහන් කරනු ලැබූ අවදානම් ලක්ෂණ හදුනාගත් වහාම පැය හතරක් වැනි කාලයක් තුළදී රෝගියා රෝහල් ගත කිරීම මේ තුලින් රෝගියාව දිගුකාලීනව බලපාන සිදු වන්න වූ රෝගී තත්වයන් ඇතිවීම බොහෝ දුරට අවම කර ගත හැකිය.


News Articles
Latest Videos
Most Popular Post