News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
15

කොටස් වෙළඳපොළේ වැඩිම ගනුදෙනු අද

662 Views


කොටස් වෙළඳපොළේ වැඩිම ගනුදෙනු අද

මෙරට ප්‍රාග්ධන වෙළෙඳපොළ ඉතිහාසයේ වාර්තා රැසක් අලුත් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දිනය තුළදී ඒකක 291.34ක දැවැන්ත වර්ධනයක් වාර්තා කළා.

මේ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 7,734.57ක් ලෙසින් වාර්තා වූ අතර එය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 3.91% ක සුවිශේෂී වර්ධනයක්.

එය 2011 පෙබරවාරි 28 දිනෙන් පසු සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ වැඩිම අගයයි.

තනි දිනක් තුළ සියලු කොටස් මිල දර්ශක අගය වැඩිම ඒකක ප්‍රමාණයකින් ඉහළ ගිය දිනය ලෙසින් අද දින ඉතිහාසයට එක්වනු ඇති.

මින් පෙර 2011 වසරේ පෙබරවාරි 15 වැනිදා ඒකක 255ක ඉහළ යාමක් සියලු කොටස් මිල දර්ශකවල වාර්තා වීම මෙතෙක් තනි දිනක් තුළ වාර්තා වූ ඉහළම වර්ධන අගය ලෙසින් වාර්තා වුණා.

මේ අතර අද දින රුපියල් බිලියන 12.46ක වාර්තාගත ගනුදෙනු පිරිවැටුමක් සටහන් වීම ද විශේෂත්වයක්.

තව ද කොළඹ කොටස් වෙළෙඳපොළ මෙතෙක් ඉතිහාසයේ තනි දිනක් තුළ වාර්තා වූ ඉහළම ගනුදෙනු සංඛ්‍යාවේ වාර්තාව නැවත වරක් අලුත් කරමින් අද දින කොටස් ගනුදෙනු 60,818ක් වාර්තා වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post