කොවිඩ් 19 වෙෙරසය වැළඳී මියගිය තවත් 8 දෙනෙකු පිළිබඳ ඊයේ රාත්‍රී තොරතුරු වාර්තා වීමත් සමග ශ්‍රී ලංකාවේ සමස්ත මරණ ගණන 264 දක්වා ඉහළ ගියා.
එලෙස මියගිය රෝගීන් අතරට 27 හැවිරිදි පුද්ගලයෙකු ද ඇතුළත් වීම විශේෂත්වයක්.
මේ දක්වා මිය ගිය පුද්ගලයින් අතුරින් බහුතරයක් වයස අවුරුදු 50 ඉක්මවා තිබීම සහ ඔවුන්ට නිධන්ගත රාේග වැළඳී තිබීමත් සමග වෙෙරසය ආසාදනය වී එය උත්සන්න වීමෙන් මියයාම ඊට හේතුවයි.
කොළොන්නාව, බොරැල්ල, උඩුපුස්සැල්ලාව, කෑගල්ල, දෙහිවල, පොළොන්නරුව, කොළඹ 8 සහ උඩුදුම්බර යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු 8 දෙනෙකු එලෙස මියගොස් තිබුණා.
අදාළ මරණ පිළිබඳ තොරතුරු පහතින් :

