ප්‍රංශයේ වෙෙද්‍ය උපාධිය හදාරමින් සිටි මෙරට තරුණියන් දෙදෙනකු එරටදී ඝාතනයට ලක්ව තිබෙනවා.
අදාළ තරුණියන් දෙදෙනාගේ පෙම්වතුන් යැයි සැළකෙන පුද්ගලයින් දෙදෙනා ද ප්‍රංශයේ වාසයකර තිබුණා.
එක් පුද්ගලයෙක් පිහියකින් ඇණ තම පෙම්වතිය ඝාතනයකර ඇති අතර අනෙක් පුද්ගලයා සිය පෙම්වතිය ඝාතනයකර තිබුණේ ගෙල සිර කිරීමෙන්.
යාපනය – අල්ලපිට්ටි ප්‍රදේශයේ පදිංචිව සිටි 20 හැවිරිදි තරුණියක් සහ මට්ටුවිල් ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණියක් එලෙස ඝාතනයට ලක් වී තිබුණා.
20 හැවිරිදි තරුණිය ඝාතනයකර තිබුණේ ඉකුත් 13 වැනිදා වන අතර 19 හැවිරිදි තරුණිය ඝාතනයකර තිබුණේ පසුගිය 8 වැනිදායි.
එම ඝාතනවලට හේතුව පෙම් සම්බන්ධතා හේතුවෙන් ඇති වූ ආරවුල් බවට අනාවරණ වී ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ප්‍රංශ පොලිසිය පැවසුවේ, ඔවුන්ගේ ඡායාරූප ඝාතනයට ලක් වූ තරුණියන් සතුව තිබී සොයා ගෙන ඇති බවයි.
ඒ ඔස්සේ සහ CCTV දර්ශන උපයෝගීකර ගනිමින් එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බව ප්‍රංශ පොලිසිය කියා සිටියා.