කිළිනොච්චිය – පූනෙරිය, තෙලිකරෙයි ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය බිරිඳගේ ගෙල කපා ඝාතනයකර තිබෙනවා.
පොලිසිය පැවසුවේ, පවුල් ආරවුලක් දුරදිග යාමෙන් අදාළ පුද්ගලයා එලෙස සිය බිරිඳගේ ගෙල කපා ඇයව ඝාතනයකර ඇති බවයි.
සිද්ධියෙන් මිය ගියේ 36 හැවිරිදි තිදරු මවක්.
ඝාතනය සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව කිළිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.