News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
18

ඇෆ්ගනිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියන් දෙදෙනෙකු මහමඟදී වෙඩි තබා ඝාතනය කරයි (ඡායාරූප)

4220 Views


ඇෆ්ගනිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියන් දෙදෙනෙකු මහමඟදී වෙඩි තබා ඝාතනය කරයි (ඡායාරූප)

ඇෆ්ගනිස්ථානයේ කාබුල්, කලඊෆතුල්ලාහි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියන් දෙදෙනෙකු නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් මහමඟදී වෙඩි තබා ඝාතනය කරනු ලැබ තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉකුත් ඉරිදා ඔවුන් කුලී රථයකින් සේවය සදහා යමින් සිටියදී සැඟව සිටි තුවක්කුකරුවන් පිරිස පාළු ස්ථානයකදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

සිද්ධියෙන් අදාළ රථයේ රියදුරු ද තුවාල ලැබුවා‍.

ජනමාධ්‍යවේදීන්, ක්‍රියාකාරීන් සහ දේශපාලනඥයින් ඉලක්කකර ගනිමින් ඝාතන සිදු වීම් මාලාවක් කලක සිට ඇෆ්ගනිස්තානයේ සිදු වන අතර එහි නවතම සිදු වීම මෙය බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

මියගිය විනිසුරුවරියන් තලෙයිබාන් සංවිධානයට එරෙහි අධිකරණ තීන්දු ලබා දීමට කටයුතු කළ අය බවට කරුණු අනාවරණ වී තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන තෙක් කිසිදු ත්‍රස්ත කණ්ඩායමක්  ප්‍රහාරයේ වගකීම භාරගෙන නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.


News Articles
Latest Videos
Most Popular Post